මනම්පිටිය නිමල් ජයරත්න –
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අවසන් වූ දින තම විද්‍යාලයේ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ, එම ගේට්ටුවේ මල් කළඹ එල්ලා, පාසල් ගීතය ගයා පාසලට වැඳ නමස්කාර කිරීමේ පුවතක් අසන්නට ලැබිණි,

පොළොන්නරුව දිඹුලාගල ලීලරත්න විජේසිංහ මහ විද්‍යාලයේ සිසු දරු දැරියන් මෙවර 76 දෙනෙකු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණහ.

අද ( 15 ) විභාගය අවසන් වීමෙන් අනතුරුව පාසල වෙනුවෙන් මෙම කෘතගුණ සැලකීම පාසල් දරුවන් විසින් ස්වෙච්ඡාවෙන් සිදුකළ ආකාරය ඇසට කඳුලක් මතුකළ බව ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ විදුහල්පති, බී,ඒ.අබේසිංහ බණ්ඩාර ලංකාසරට පැවසීය.







