පසුගියදා ඇමෙරිකානු ගුවන් යානා දෙකකින් හදිසියේ පැමිණි කණ්ඩායම පෙන්ටගනයේ නිලධාරීන් 22ක් බවත් ඔවුන් ශ්‍රි ලංකාවේ බුද්ධි අංශවල සියලුම තොරතුරු ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය යටතට පත් කිරීමට උත්සාහ කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවිංශ අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔවුන් ජනාධිපති, අරක්ෂක ලේකම් සහ බුද්ධි අංශ මුණ ගැසී ඇති බවත් ඔවුන් පැමිණ සාකච්ඡා කළේ සහ තීරණය කළේ මොනවාදැයි රට හමුවේ හෙළි කළ යුතු බවත් වීරවංශ මන්ත්‍රිවරයා අවධාරණය කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා
“අමෙරිකානු ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට 22ගෙන් සමන්විත පෙන්ටගන් නිලධාරීන් කණ්ඩායමක් මේ රටට ආවා. ඒ අය ඇවිල්ලා ජනාධිපති, ආරක්ෂක ලේකම්, බුද්ධි අංශ ප්‍රධානීන් මුණගැහුණ බවට මාධ්‍යවල වාර්තා වුණා. නමුත් කෙටි කාලයක් ඇතුළත ඒ අය රටින් පිටත්ව ගියා. එම කණ්ඩායමේ නායකත්ව ඉසිලුවේ ගෙට් රෝයල් කියන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අමෙරිකානු ප්‍රධානියෙක්. අපිට දැනගන්න තියෙනවා මේ අය ආවේ වීවීඅයිපී එකෙන්, ඒ කියන්න් ජනාධිපතිවරයා යන තැනින් කියලා. ඒ වගේම අපි දන්න විදියට මේ අයගේ ආගමන විගමන කටයුතු හරියාකාරව සිදුවෙලා නෑ. ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයට ගිහින් තියෙනවා මේ නිලධාරීන්. ඒ අයගේ ඔක්කෝම ආයුධ නිරායුධ කරලා තමයි ඔවුන් ආයුධ සමග ඒ කාර්යාලයට ගිහින් තියෙන්නේ. අපිට දැනගන්න තියෙන පරිදි මේ ආපු නිලධාරින් උත්සාහ කරන්නේ, ලංකාවේ බුද්ධි අංශවල සියලුම තොරතුරු අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ යටතට පත්කරලා, ඔහු තමයි තීරණය කරන්නේ කොයි එකද යවන්නේ කොයි එකද නොයවන්නේ කියලා. 2001 කාලයේ මේ රටේ වෙලා තියෙනවා. 2004 දී මේක නවත්තලා තියෙනවා. පාස්කු ප්‍රහාර වෙලා තියෙනවා. තව තව ප්‍රහාර වෙලා තියෙනවා. එහෙම රටක මේ අය ආවේ මොකට ද? මොනවද කතා කළේ ? මේ සභාව දැනගත යුතුයි. මෙතැන ඉන්නේ මහජන නියෝජිතයෝ 225ක්.මෙතැන කවුරුත් දන්නේ නෑ. එයාර් පෝට් එකෙන් ඇහුවහම ටොප් සීක්‍රට් මිෂන් කියනවා. එහෙම ඇවිල්ලා සාකච්ඡා කළේ සහ තීරණය කළේ මොනවා ද කියලා ජනාධිපති හෝ අගමැති ඇවිල්ලා මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්න කියලා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා.?
මෙහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ ඉදිරියේදී ඒ පිළිබඳව පාර්ලිමමේන්තුවේ දී ප්‍රකාහයක් ඉදිරිපත් කරන බවයි.







