ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාගේ ලේකම් වරියගේ පරිගණකය තුළ ඇති දත්ත සියල්ල ඉවතට ගෙන ඇයව වහාම ලෙඩ නිවාඩු ලබා දී නිවෙසට යැවීමේ පුවතක් ක්‍රිකට් ආයතනයෙන් වාර්තා වේ.
මෙය සිදු වී ඇත්තේ අද (22) උදේ වරුවේය. මීට අමතරව එහි ප්‍රධාන තනතුරුවල සිටින සේවක සේවිකාවන් කිහිප දෙනෙකුගේම පරිගණක දත්ත ඉවත් කර ඔවුන්ද ලෙඩ නිවාඩු පිට නිවෙස් කරා යාමට කටයුතු කරන බවත් වාර්තා වේ.
මෙම ක්‍රියාදාමය සිදුවන්නේ මේ දිනවල උසාවි නියෝගයක් මගින් පසුගිය ලෝක කුසලාන සමයේ වියදම් පිළිබඳව රජයේ විගණන නිලධාරීන් පිරිසක් පැමිණ විගණනයක් සිදු කරන අතරතුර වීම විශේෂත්වයකි







