සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු යානා දෙකකින් හදිසියේ ආපු කණ්ඩායම ගැන වීරවංශගෙන් අනාවරණයක් !

by Lanka Sara Editor
පෙබරවාරි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා ඇමෙරිකානු ගුවන් යානා දෙකකින් හදිසියේ පැමිණි කණ්ඩායම පෙන්ටගනයේ නිලධාරීන් 22ක් බවත් ඔවුන් ශ්‍රි ලංකාවේ බුද්ධි අංශවල සියලුම තොරතුරු ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය යටතට පත් කිරීමට උත්සාහ කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවිංශ අද (22)  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔවුන් ජනාධිපති, අරක්ෂක ලේකම් සහ බුද්ධි අංශ මුණ ගැසී ඇති  බවත් ඔවුන් පැමිණ සාකච්ඡා කළේ සහ තීරණය කළේ මොනවාදැයි රට හමුවේ හෙළි කළ යුතු බවත් වීරවංශ මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා

“අමෙරිකානු ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට 22ගෙන් සමන්විත පෙන්ටගන් නිලධාරීන් කණ්ඩායමක් මේ රටට ආවා. ඒ අය ඇවිල්ලා ජනාධිපති, ආරක්ෂක ලේකම්, බුද්ධි අංශ ප්‍රධානීන් මුණගැහුණ බවට මාධ්‍යවල වාර්තා වුණා. නමුත් කෙටි කාලයක් ඇතුළත ඒ අය රටින් පිටත්ව ගියා. එම කණ්ඩායමේ නායකත්ව ඉසිලුවේ ගෙට් රෝයල් කියන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අමෙරිකානු ප්‍රධානියෙක්. අපිට දැනගන්න තියෙනවා මේ අය ආවේ වීවීඅයිපී  එකෙන්, ඒ කියන්න් ජනාධිපතිවරයා යන තැනින්  කියලා. ඒ වගේම අපි දන්න විදියට මේ අයගේ ආගමන විගමන කටයුතු හරියාකාරව සිදුවෙලා නෑ. ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයට ගිහින් තියෙනවා මේ නිලධාරීන්. ඒ අයගේ ඔක්කෝම ආයුධ නිරායුධ කරලා තමයි ඔවුන් ආයුධ සමග ඒ කාර්යාලයට ගිහින් තියෙන්නේ. අපිට දැනගන්න තියෙන පරිදි මේ ආපු නිලධාරින් උත්සාහ කරන්නේ, ලංකාවේ බුද්ධි අංශවල සියලුම තොරතුරු අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ යටතට පත්කරලා, ඔහු තමයි තීරණය කරන්නේ කොයි එකද යවන්නේ කොයි එකද නොයවන්නේ කියලා. 2001 කාලයේ මේ රටේ වෙලා තියෙනවා. 2004 දී මේක නවත්තලා තියෙනවා. පාස්කු ප්‍රහාර වෙලා තියෙනවා. තව තව ප්‍රහාර වෙලා තියෙනවා. එහෙම රටක මේ අය ආවේ මොකට ද? මොනවද කතා කළේ ? මේ සභාව දැනගත යුතුයි. මෙතැන ඉන්නේ මහජන නියෝජිතයෝ 225ක්.මෙතැන කවුරුත් දන්නේ නෑ. එයාර් පෝට් එකෙන් ඇහුවහම ටොප් සීක්‍රට් මිෂන් කියනවා. එහෙම ඇවිල්ලා සාකච්ඡා කළේ සහ තීරණය කළේ මොනවා ද කියලා ජනාධිපති හෝ අගමැති ඇවිල්ලා මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්න කියලා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා.?

මෙහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ ඉදිරියේදී ඒ පිළිබඳව පාර්ලිමමේන්තුවේ දී ප්‍රකාහයක් ඉදිරිපත් කරන බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෛත්‍රීපාලගේ අභියාචනාව පිළිබඳව තීන්දුව පළමුවැනිදාට කල් යයි

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක සිය ලේකම්වරියගේ පරිගණකයේ ඇති දත්ත සියල්ල මකා අසනීප නිවාඩු දමා ඇයව ගෙදර යවලා…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.