අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා තමන් එකඟවන බව දන්වා ජනාධිපතිවරයා තෛන්‍රිකායික මහා නායක හිමිවරුන් වෙත ලිඛිතව දන්වා තිබේ.
එම ආණ්ඩුව හරහා රටේ අර්බුදය විසඳීමට කඩිනමින් පියවර ගැනීමට තමන් එකඟ වන බවද එහි අන්තර්ගතව ඇතැයි හිරු ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
පසුගිය මාර්තු 02 දා සිට එක් දිගට ලිපි 06 ලියමින් මහානායක හිමිවරු මේ පවතින අර්බුදය සම්බන්ධව සිය මගපෙන්වීම කළහ.
එම කිසිම ලිපියක් සඳහා සාධනීය පිළිතුරක් නොලැබුණු විට සංඝ සම්මුතියක් සඳහා තමන්වහන්සේලා කටයුතු කරන බව පසුගිය 22 දා අවසන් ලිපියෙන් දන්වා සිටියහ.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා මහානායක හිමිවරුන් අමතා මෙම බව ලිඛිතව දන්වා තිබේ.
ඊයේ ජනාධිපතිවරයාගේ පණිවිඩයක් සහිතව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන මහා නායක හිමිවරු මුණගැසී තිබිණි.
කියවන්න…
සංඝ සම්මුති අනතුරු ඇඟවීමෙන් පසු බුද්ධ ශාසන ලේකම් ලිපියක් අරන් මහා නායක හිමිවරු වෙත….