අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංඝ සම්මුති අනතුරු ඇඟවීමෙන් පසු බුද්ධ ශාසන ලේකම් ලිපියක් අරන් මහා නායක හිමිවරු වෙත….

සංඝ සම්මුතිය ක්‍රියාත්මක වුනොත් රාජපක්ෂ අණ්ඩුවේ ප්‍රධානීන්ට පන්සලකටවත් ගොඩ වෙන්න බෑ!

by editor
අප්‍රේල් 24, 2022
in පුවත්
Asgiri-Malwathu
Share on FacebookShare on Twitter

සංඝ සම්මුත්යක් සම්බන්ධව සංඥා කිරීමෙන්අ නතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙන් මහා නායක හිමිවරුන් වෙත ලිපියක් රැගෙන බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන නුවර පැමිණ මල්වතු මහානායක හිමි බැහැදැක උන්වහන්සේ  වෙත එම ලිපිය පිළිගන්වා තිබේ.

මාසයකට ආසන්න කාලයක් තුළ   මහා නායක හිමිවරු  මේ රටේ පවතින ගැටලුව සම්බන්ධව ස්වකීය අදහස් හා මගපෙන්වීම් දක්වමින් ලිපි  06ක් රජයට ඉදිරිපත් කර තිබිණි. එකම කාරණාවක් සම්බන්ධව උන්වහන්සේලා මෑත ඉතිහාසයේ දී වැඩිම ලිපි ප්‍රමාණයක් පාලකයින් වෙත යොමුකළ ප්‍රථම අවස්ථාව මෙයය.

එමෙන්ම දුර්දාන්ත පාලකයෙක් වෙත ප්‍රකාශයට පත් කරන සංඝ සම්මුතියක් පාලකයෙක් විෂයෙහි ප්‍රකාශ කරන බව මහා නායක හිමිවරුන් මෑත ඉතිහාසයේ දැක්වූ ප්‍රථම අවස්ථාව  මෙයය.

සංඝ සම්මුතියක් සම්බන්ධව අනතුරු අඟවමින් මහා නායකය හිමිවරුන් විසින් නිකුත් කරන මෙවැනි බරපතල නිවේදනයකින්   පසු උන්වහනසේලා බැහැ දකින්නට පැමිණෙන්නේ අගමැති හෝ ජනාධිපතිවරයා වුවත් ලේකම්වරයෙක් අතේ එවා ඇති මෙම ලිපිය ඔස්සේ මහානායක හිමිවරුන්ගේ මගපෙන්වීම අවතක්සේරුවකට ලක් කර ඇති බවට මේ වනවිට මත පලවෙමින් ඇත.

සිංහල බෞද්ධ බහුතර ඡන්දයෙන් පත් වී රුවන්වැලි සෑය අසල ජනාධිපති ධුරයේ දිවුරුම් දී වැඩ භාරගත් ජනාධිපතිවරයෙක් සහිත ආණ්ඩුවකට සංඝ සම්මුතියක් බරපතල වන බව ශාසනික ආරංචි මාර්ග පවසයි.  ඉන් පාලකයන්ගේ ආගමික වලංගුතාව මුළුමන්නිම අහෝසි වන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සංඝ සම්මුතියක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව  රාජ්‍ය පාලකයා හෝ පාලක කණ්ඩායම සමග මහානායක ස්වාමීන්වහන්සේලා කිසිදු සම්බන්ධතාවයක් ඇති කර නොගනී. උපදෙස් අනුශාසනා කිසිවක් නොදෙයි.  අඩුම තරමින් දාන මාන පිරිකර කිසිවක් පිළිනොගනී. ‍

තවද රාජ්‍ය පාලකයාට හෝ පාලක කණ්ඩායමේ කිසිවෙකුට ත්‍රෛනිකායික සංඝ රත්නයට අයත් වෙහෙර විහාරයකට ගොඩවෙන්නට ඉඩක් නැත.

මහා නායක හිමිවරුන් පවතින අර්බුදය සම්බන්ධව රජයට ශාසනික වශයෙන් මග පෙන්වීමක් ලබා දෙමින් යැවූ ලිපි 06න්  පළමු ලිපිය යොමු කළේ පසුගිය  මාර්තු 17 දාය. දෙවැනි ලිපිය ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ප්‍රකාශයක් ලෙස   අප්‍රේල් 02 යොමු කරනු ලැබුවේය. එම ලිපිය ලියැවෙන අතරත් රජය මගින් පොරොන්දුවක් ඉදිරිපත් කරනු ලැබුණි.   තුන්වන ලිපිය මහා නායක හිමිවරු වෙනුවෙන්  අප්‍රේල් 04 දා ත්‍රයිනිකායික මහා නායක  හිමිවරුන්ගේ  ලේඛකාධිකාරී හිමිවරු  රජය වෙත යොමු කළහ.

අප්‍රේල් 11 යොමුකළ ලිපියෙන් අනතුරුව  අප්‍රේල් 22 රැස් වූ මහා නායක හිමිවරු තවත් මේ මුරණ්ඩු පාලනය ගෙන නොගොස් අන්තර්වාර පාලන රජයක් සඳහා අවකාශය සලසා නොදෙන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශ කරන බව ඒකාබද්ධව ලිඛිතව දැන්වූහ.

කෙසේ වෙතත් මේ වනවිට අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත්,  අන්තර්වාර රජයක අගමැති වන්නෙත් තමා බවත් ප්‍රකාශ කර සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නම්බුකාර විදිහට අයින් වෙන්න කල් දුන්නා… දැන් නම් පන්නනවා… ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම සපථ වෙයි!

Next Post

අන්තරේ පා  ගමන ගෝල්ෆේස් යන  අද කොළඹ පාරවල් ජී.අයි යකඩ බට දමා වසයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.