ඉඳුනිල් කහටපිටිය –
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ශවත් අවසන් රන්දෝලි පෙරහැර මේ වනවිට වීදි සංචාරය කරමින් ඇත.
අති මහත් ජනතාවක් සාධුකාර දෙමින් පෙරහර නරඹමින් සිටිති.
රාත්‍රී 7: 03 ට උතුරු දිශාභිමුඛව දළදා මාළිගාවෙන් පිටත් ව දළදා වීදිය යටිනුවර වීදිය කන්දේ වීදිය ඩී එස් සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජය වීදිය ඔස්සේ පෙරහර ගමන් කිරිමට නියමිතය. .
හෙළ කලා සංස්කෘති අංග රැසක් සහිත නර්තන කණ්ඩායම් පිරිවරා විචිත්‍රවත් වූ පෙරහරේ දළදා කරඬුව වඩමවන්නේ කතරගම වාසනා ඇතු විසිනි.
දකුණු පසින් මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහරාජා ඇතු ද වම්පසින් කැලණියේ කණ්ඩුල ඇතුද දෑලේ ගමන් කරමින් සිටිති.
ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි දින වන අද මාළිගා පරිශ්‍රයෙහි දළදා සමිඳුන් වැඩ සිටින ගන්ධ කුටිය මලින් සරසා තිබේ.
තේවාව භාර මල්වතු පාර්ශවයේ තිබ්බටුවාවේ මේධංකර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සුවඳ මලින් සැරසිලි සිදුකොට දළදා සමිඳුන්ට පූජෝපහාර සිදු කිරීම අද දිනයේ සිද්ධ කෙරිණි