ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 පැරිස් සංසදයට සමගාමීව ශ්‍රී ලංකාව සහ නිල ණයහිමි කමිටුව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් එකඟතාවයට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලියක ද නිරත සිටින බව
අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන්, මෙම ක්‍රියාවලියට නායකත්වය දුන් නිල ණයකරුවන්ගේ කමිටුවේ සභාපතිවරුන් වන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයට මෙන්ම චීනයේ අපනයන ආනයන බැංකුවට සහ ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සඳහා නිල ණයකරුවන්ගේ කමිටු සාමාජිකයින්ට අවංකවම ස්තූති පළ කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියයි.
ණය අර්බුදයට විසඳුමක් සෙවීමට සහ මෙම වැදගත් සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීමට කමිටු ලේකම් කාර්යාලයේ කැපවීම පිළිබඳ ප්‍රසංශා එක් කරන අතර එය මෙරට ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කරන සහ වර්ධනයට හේතු වන බව ද අමාත්‍යවරයා පවසයි.
මෙම සන්ධිස්ථානය කරා ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නොසැලෙන කැපවීම සහ නායකත්වය ඉවහල් වූ බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.







