ඉඳුනිල් කහටපිටිය –
ඇසළ මහා පෙරහර සමයේ දී පෙරහර භූමිය අවටින් ඉවත්විම පිළිබඳව අවසන් දැනුම් දීම මහනුවර යාචක සංගමය සමග සාකච්ඡා කර ප්රකාශ කරන බවට යාචක පිරිසක් තමන් වෙත ප්රකාශක කළේ යැයි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ අද (26) කීවාය.
අද දළදා මාළිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවති පෙරහර කමිටු රැස්වීමේ දී මහනුවර ක්රියාත්මකවන යාචකයින්ගේ සංගමය ගැන හෙළි කරමින් නාගරික කොමසාරිස්වරිය පැවසුවේ පෙරහර සමයේ දී අවට වීථිවලින් යාචකයින් ඉවත් කිරීම සම්බන්ධව කටයුතු කිරීමේ දී මෙම සංගමය ගැන අනාවරණය කරගැනීමට හැකි වූ බවය.
මහනුවර නගරය පුරා වෙසෙන යාචකයින් සහ ඔරලෝසු කණුව බස් නැවතුම්පොළෙහි වෙසන යාචකයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පෙරහර කමිටුවේදී සාකච්ඡාවට ලක් විනි.
මෙහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සී හිමියන් විසින් පෙන්වා දුන්නේ පෙරහර කටයුතු යාචකයින් ඉදිරිපත් කරන ඉල්ලීම්ද සලකා බලමින් කරන්නට සිදුවහොත් එය සැලකිය යුතු තත්ත්වයක් බවය.







