රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස රටින් කිරීමට උත්සාහ කළ කාන්තාවක් අද (30) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ 30 හැවිරිදි සැකකාර කාන්තාව ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බවය.
ඇය අද අලුයම 3.13 ට පිටත්ව යන අංක 274 දරන ඉන්දීය ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවත් ඇය ගෙනියන්නට උත්සාහ කළ මැණික් ගල් තොගයේ බර කිලෝ 2යි ග්‍රෑම් 311ක් බවත් රේගුව කීවේය.
මෙම මැණික්ගල් තොගය ඇයගේ ඇඳුමේ සඟවා තිබි ඇත. ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා රේගුවට භාර දී තිබේ.