සූරියවැව නුවන් ජයසේකර –
හෙරොයින් මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වි සිටි 33 හැවිරිදි අවිවාහක වැඩිමල් සහෝදරයා මුදල් ඉල්ලා නිතර නිතර මවට පහර දිම හේතුවෙන් උරණ වු 28 හැවිරිදි බාල සොහොයුරු විසින් වැඩි මල් සහෝදරයා නිවසේ නිදා සිටියදි ඊයේ (30) රාත්‍රියේ කැත්තකින් ගෙල ප්‍රදේශයට පහරදී ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව, ඇඹිළිපිටිය පාර, රන්දික නිවස පදිංචි 33 හැවිරිදි හෙට්ටිආරච්චිගේ රන්දික මදුෂංක නැමති අවිවාහක පුද්ගලයෙකි.
මරණකරු තදින් හෙරොයින් පානයට ඇබ්බැහි වි සිටි අයෙකු බවත්, ඔහු නිතර නිතර මුදල් ඉල්ලා මවට පහර දෙන බවත්, මෙය ඉවසා සිටිය නොහැකි විම හේතුවෙන් 28 හැවිරිදි බාල සොහොයුරා විසින් වැඩිමල් සොහොයුරා ඝාතනය කර ඇති බවත් මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වි ඇත.
මරණකරු ඊයේ සවස නිවසේ තිබු වි මල්ලක් රැගෙන ගොස් විකුණා බියර් ගෙනත් පානය කර මව සමග රණ්ඩු වී නිවසේ කාමරයක් තුළ නිදාගෙන සිට තිබේ. මෙම අවස්ථාවේදි 28 හැවිරිදි බාල සොහොයුරුට මෙය ඉවසා සිටිය නොහැකි විම හේතුවෙන් නිවසේ නිදා සිටි අයියාගේ ගෙළට කැත්තකින් පහරදි ඝාතනය කර ඇත. සිය අයියා ඝාතනය කිරිමෙන් පසු සැකකාර 28 හැවිරිදි තරුණයා සූරියවැව පොලිසියට බාර වි තිබේ.
සිද්ධිය පිළිබදව වු මහේස්ත්‍රාත් පරික්ෂණය අද (30) පෙරවරුවේ හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි විසින් සිදුකෙරුණි.
මියගිය පුද්ගලයාගේ සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කර එහි වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත් වරයා සූරියවැව පොලිස් ස්ථානාධිපති වරයාට නියම කෙරුණි.
තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න, සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්ත ගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත් ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන පවත්වයි.