ලලිත් චාමින්ද –
උඩවලව සංඛපාල විද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය විනෝද චාරිකාවක දී අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙක් මුහුදේ ගිලී මිය ගොස් තිබේ.
විනෝද චාරිකාවේ පැමිණි පිරිස කොග්ගල මුහුදේ දිය නාමින් සිටින අතර එහි සිටි එක් පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසයි.
පස්වරු 05.45 ට පමණ කොග්ගල පාලම අසල මොවුන් දිය නාමින් සිට ඇත. එහිදී තිදෙනකු දියේ ගිලී ඇති අතර දෙදෙනකු බේරාගෙන ඇති බවද පොලිසිය පවසයි.
දියේ ගිලී ඇති පුද්ගලයා අවුරුදු 35 ක අයෙකු වන අතර ඔහු අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකි.
හබරාදූව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.