වාහන රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ (2023) මාර්තු මස 31 වැනි දිනට පෙර ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ අද (30) පැවසීය.
ඒ අනුව රියදුරෙකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බව ඔහු කීවේය.
එසේ අවලංගු කිරිමෙන් පසුව වසරක කාලයක් යනතුරු අදාල රියදුරාට බලපත්‍රයට අයදුම්කළ නොහැකි බවත් වසරකින් පසුව නැවත නව රියදුරු බලපත්‍රයක් ලබා ගන්නා ආකාරයට අයදුම්පතක් යොමු කළ යුතු බවත් මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය









