දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා රජයට ඉදිරිපත් කරණු ලබන නව යෝජනා මාලාවේ මූලික කොන්දේසිය විය යුත්තේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ඉදිරිපත් වන දේශීය යාන්ත්‍රණය පිළිනොගැනීමත් ඊට ජාත්‍යන්තර මට්ටමේ යාන්ත්‍රණයක් ඉදිරිපත්වීම බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා 28 දා කොළඹදී පැවසීය.
නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා රජයට ඉදිරිපත් කළ යුතු යෝජනා මාලාව සම්බන්ධයෙන් අවසාන කෙටුම්පත් සකස් කිරීම සඳහා පැවති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පලකළ අතර එම සාකච්ඡාවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි ටෙලෝ හා ප්ලොට් යන පක්ෂ වල නියෝජිතයෝ සහභාගී වූහ.
දෙමළ ජාතික සන්ධානය විසින් සකසන ලද එම යෝජනාවලිය සදහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණුද පදනම් කර ගත් බවත් එය පිටු 21 කින් සමන්විත බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
මේ යෝජනාවලිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කෙරෙන තුරු එහි අන්තර්ගත යෝජනා ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස සම්පන්ධන් මන්ත්‍රීවරයා පලමු සාකච්ඡා වටයේදීම ඉල්ලීමක් කොට තිබුණි.
නමුත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කළේ එම යෝජනාවලියේදී උතුරු නැගෙනහිර පළාත්වලට නීතිය ඉඩම් අධ්‍යාපන සෞඛ්‍ය කෘෂිකර්ම හා වාරිමාර්ග යන සියළුම කාරණා ඇතුළත්වන පරිදි යෝජනාවලිය සකස් කොට එම අවසාන කෙටුම්පත භාෂා තුනටම පරිවර්තනය කිරීමක්ද සිදු කළ බවයි.