සංචාරක ඇෆ්ගනිස්තානු ක්රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්රිකට් තරගාවලියට සහභාගීවන ශ්රී ලංකා සංචිතය අද (24) පස්වරුවේ ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවේය.
ඒ අනුව හෙට (25) දිනයේ පල්ලෙකැලේ ක්රීඩාංගණයේ දී දෙරට අතර එක්දින තරගාවලිය ඇරඹෙන අතර ශ්රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක විසින් මෙහෙයවනු ඇත.
පිළිවෙලින් පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් ශ්රී ලංකා පිතිකරුවන් ලෙස නම් කර ඇත.
වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ දඟ පන්දු යවන්නන් ලෙසින් ද කසුන් රාජිත, ප්රමෝද් මධුෂාන්, අසිත ප්රනාන්දු, අශේන් බණ්ඩාර, ළහිරු කුමාර පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක් වී සිටිති. යොවුන් ක්රීඩක දුනිත් වෙල්ලාල ගේ ද සංචිතයට කැඳවා තිබේ.
මෙම කණ්ඩායමට භානුක රාජපක්ෂ එක් කර තිබුණ ද, ඔහු තමාව මෙම තරගාවලියෙන් ඉවත් කරන ලෙසට ක්රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.