සදෙව් රත්නායක -

කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමා තිබූ අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ ආරම්භ වූ සුපිරි තරග වටයේ දී සරසන්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් සමත්විය. පී. සරා ඕවල් පිටියේ තුන්දින තරගයක් ලෙස පැවැත්වෙන මේ තරගයේ දෙවැනි දිනය වූ අද කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන මැතිව්ස් නොදැවී ලකුණු 173ක් රැස් කරමින් සිය පළමුපෙළ තරග දිවියේ 20 වැනි ශතකය රැස් කළේය. මෙරට පළමුපෙළ තරග බිමේ ශතක 20ක් සම්පුර්ණ කළ 31 වැනි පිතිකරුවා ද වන මැතිව්ස්ගේ අනගි ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වූ අතර පන්දු 262ක් වැය විය. මැතිව්ස්ට අනගි සහයක් ලබා දුන් සන්තුෂ් ගුණතිලක ද ලකුණු 100ක් රැස් කිරිමට සමත්වූ අතර, අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ලකුණු 66ක් ලබා ගත්තේය. කෝල්ට්ස් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 408ක් ලබා ඉනිම අත්හිටුවූ අතර සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සරසන්ස් පිල දිනය නිමාවනවිට කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 113කි.

කුසල් මෙන්ඩිස් ලකුණු 139යි

මේ අතර කටුනායක චිලව් මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැත්වෙන සුපිරි වටයේ තවත් තරගයකදී ලකුණු 139ක් රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්විය. සී.සී.සී. පිලට ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස්ගේ ශතකයෙන් වර්ණවත් වූ එම කණ්ඩායමේ පළමු ඉනිමට මිනෝද් භානුක සහ වනිඳු හසරංග ලකුණු 88 බැගින් රැස් කරමින් විශිෂ්ට දායකත්වයක් ලබා දුන්හ. අෂාන් ප්‍රියංජන ලකුණු 58ක් ලබා ගත් අතර ළහිරු මධුසංඛ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 57කි. කඩුලු 7කට ලකුණු 499ක් ලබා සී.සී.සී. පිල ඉනිම අත්හිටුවූ අතර සිය පළමු ඉනිම ක්‍රීඩා කළ රාගම කණ්ඩායමට සියළුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 132ක් පමණි. ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ආරම්භ කළ රාගම පිල අද දිනය නිමාවනවිටකඩුලු 2ක් දැවී ලකුණු 4ක් ලබා සිටියේය.

උපුල් තරංග 121යි.

එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන යුද හමුදා සහ එන්.සී.සී. කණ්ඩායම් අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා පිල රැස් කළ ලකුණු 269ට පිළිතුරු වශයෙන් සිය පළමු ඉනිමේදී කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස් කිරීමට එන්.සී.සී. පිල සමත්වූ අතර උපුල් තරංග ලකුණු 121ක් වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.පන්දු 166කට මුහුණ දුන් උපුල් තරංග හතරේ පහර 19ක් එල්ල කිරීමට සමත්වූ අතර, ඔහුට අගනා සහයක් ලබා දුන් ළහිරු උදාර ලකුණු 105ක් වාර්තා කළේය. චිලව් මේරියන්ස් පිලේ කමිඳු මෙන්ඩිස් (නොදැවී ලකුණු 136ක්), ලන්කන් ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි (ලකුණු 124ක්) සෙසු ශතකලාභියෝ වෙති. පන්දු යැවීමේදී එන්.සී.සී. පිලේ ඩිලේෂ් ගුණරත්න යුද හමුදා පිලට එරෙහිව ලකුණු 42කට කඩුලු 5ක් දවාලූ අතර, බදුඑලිය පිලේ ළහිරු සමරකෝන් මුවර්ස් පිලේ කඩුලු 5ක් උදුරා ගත්තේ ලකුණු 86කටය. එම තරගයේදීම බදුඑලිය පිලේ පිතිකරුවන් පස්දෙනකු ලකුණු 39කට දවාලීමට මුවර්ස් පිලේ කවිෂ්ක අංජුල සමත්විය. මීගමුව ක්‍රිකට් පිලේ ලක්ෂිත රසාංජන ලන්කන් ක්‍රිකට් පිලට එරෙහිව ලකුණු 85කට කඩුලු 5ක් දවාලීය.