හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් පැන වූ වාරණය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන අද නියෝග කළේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනුකුළ පැමිණිල්ලක් ප්‍රකාරව මෙම වාරණය නිකුත් කර තිබිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට සඳහන් කරමින් මෙම නඩුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගවිසින් පවරා තිබිණි. – ලංකාදීප –







