සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

LPL ජාවාරම් කරුවන් පිළිබද පරීක්ෂණ දැඩි විමර්ශන… දඹුල්ල තන්ඩර්ස් හිමිකරු සමග සමීප සබඳතා පැවැත්වූ ව්‍යාපාරිකයෙකුගෙන් සහ LPL අධ්‍යක්ෂවරයෙකුගෙන් ප්‍රශ්න කරයි!

by editor
මැයි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයන්ට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව මත පසුගියදා අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දඹුල්ල තන්ඩර්ස් පිලේ හිමිකරු වූ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතික ටමීම් රහ්මාන් සමඟ සමීපව කටයුතු කළ බව කියන විදූෂ සිල්වා නමැති තරුණ ව්‍යාපාරිකයාගෙන් සහ එල්පීඑල් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩම්වෙලගෙන් ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (28) ප්‍රශ්න කරනු ලැබීය.

එල්පීඑල් තරගාවලියේ අධ්‍යක්ෂවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් සහ ව්‍යාපාරිකයාගෙන් පැය 7කට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ. අදාළ සිදුවීම සම්බන්ධව ප්‍රශ්න කිරීමට ඊයේ උදෑසන 9.00ට පමණ පැමිණි එම ව්‍යාපාරිකයා විමර්ශන ඒකකයෙන් පිටව ගොස් ඇත්තේ පස්වරු 4.30ට පමණය.

එල්පීඑල් තරගාවලියේ අධ්‍යක්ෂවරයා සහ ව්‍යාපාරිකයා ඊයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ඇත්තේ සිය නීතිඥවරුන් සමඟ බවත් තරග පාවාදීමේ කුමන්ත්‍රණයට අදාළව ඉහත කී දෙදෙනාගේ මූලික ප්‍රශ්න කිරීම් ඊයේ අවසන් වූවද අවශ්‍යතාව මත නැවත කැඳවීමට වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය පියවර ගනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ සමාගමක හිමිකරුවකු බව කියන විදූෂ සිල්වා නමැති පුද්ගලයා පසුගිය වසරේ එල්පීඑල් තරගාවලියේදී ‘ගෝල් ටයිටන්ස්‘ පිල සමඟ ද කටයුතු කර ඇතැයි වාර්තා වන අතර, ඔහු මෙවර දඹුල්ල කණ්ඩායම සමඟ සිදු කිරීමට නියමිත කාර්ය කවරේදැයි යන්න විමර්ශන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම ඔහු පසුගියදා පැවැති ක්‍රීඩකයන්ගේ වෙන්දේසියේදී එල්පීඑල් තරගාවලියේ හිමිකාරීත්වය දරන ඩුබායි නුවර කේන්ද්‍ර කරගත් අයිපීජී සමාගමේ නිලධාරීන් සිටි ස්ථානයේ ගැවසෙන අයුරු සමාජ මාධ්‍ය ජාලයේ සජීවීව විකාශය වූ අතර, ඒ පිළිබඳ ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර ඇතැයි ද සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාළ ව්‍යාපාරිකයා එල්පීඑල් තරගාවලියට සම්බන්ධව කටයුතු කිරීමේ අභිලාෂය පිළිබඳ විමර්ශන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක්වන්නට ඇතැයි ද තරග පාවාදීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිපදෙනකු පිළිබඳ එම ව්‍යාපාරිකයාගෙන් තොරතුරු හෙළිවන්නට ඇතැයි ද ක්‍රීඩාවට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම තොරතුරු මත ඉදිරියේදී එල්පීඑල් තරග පාවාදීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිපදෙනකු ක්‍රීඩාවේ වැරැදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් ප්‍රශ්න කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා වේ. – දිනමිණ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නේවාසිකාගාර පාලිකාවගේ පහර දීම ඉවසා ගත නොහැකි සිසුවියන් 11ක් පොලිසියට භාර වෙති…

Next Post

මෛත්‍රීට එරෙහි “සභාපති” වාරණය තව දුරටත් දීර්ඝ කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.