දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ( ජාතික වෘක්කවේද විශේෂිත රෝහල) අද (11) ජනතා අයිතියට පත් කෙරිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරිනි.
ඇඳන් 200කින් හා රුධිර කාන්දු පෙරණ ඇඳන් 100කින්, ශල්‍යාගාර 05කින්, දැඩි සත්කාර ඒකක දෙකකින් මෙ රෝහල සමන්විත වූ අතර වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට ඉතා උසස් පහසුකම් සහිත නවාතැන් පහසුකම් ද රෝහල් පරිශ්‍රය තුළ පිහිටා තිබේ.
හිපපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වර්ෂ 2015 කළ චීන සංචාරයක දී චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව චීන රජය විසින් මෙම රෝහල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී.