“ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන ශක්තිමත් කිරීමට මහෙල් ජයවර්ධන, කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි, අරවින්ද ද සිල්වා වැනි ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන තැනකට ඔසවා තැබූ ක්‍රිකට් තරු ද එක වී සිටියහ. සිදත්, සංගා සහ මහෙල සිය අදහස් ද මාධ්‍යයට පැවසුවේය.
මේ අවස්ථාවේදී මාධ්‍යය වෙත අදහස් දැක්වූ කුමාර් සංගක්කාර පැවසුවේ මෙවැන්නකි.
“ඉතාම කාලීන වූත් ඉතාමත් වැදගත් ක්‍රියාවලියක්. මේක මුලු මහත් ශ්‍රී ලාංකික ජනතාවත් දේශපාලන අධිකාරියත් රටේ පරිපාලනය බාරව ඉන්න දේශපාලන අධිකාරියත් එකට එකමුතුව එක් සිත්ව රටේ සියලු දෙනාටම යහපත්වන ක්‍රියාවලියක් බවට පත් කිරීම, ඒ මානසිකත්වය වෙනස් කිරීම තුළින් යහපත් වටිනාකම්, හරයන් එදිනෙදා ජීවිතයටත්, පරිපාලනයටත් එක් කිරීම මම හිතන්නේ රටේ දියුණුවටත් ජනතාවගේ දියුණුවටත් විශාල රුකුලක් වෙනවා. මම හිතන්නේ ඉතාම වැදගත් ක්‍රියාවලියක්. අද මේ ගරු ජනාධිපති තුමා දියත් කරන්න අපෙන් ඉල්ලා සිටියෙ.”
“අද ඉතාම හොඳ දවසක්. ඉතාම හොඳ වැඩක් අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ දියත් කළේ.”
“ඉතාම සරල විදිහට නමුත් අර්ථකථනය කළාට ඉතාම ගැඹුරු අදහසක් එක්ක මේ ක්‍රියාවලිය දියත් කරලා තියෙන්නෙ. රජයට තනියම ක්‍රියාත්මක කරන්න බැරි නිසා තමයි ජනතාවට එකතු වෙන්න කියන්නේ. යහපත් අදහසකින් එකමුතු වුනාම තමයි ඒ ඇත්ත වෙනස්කම සිදුවෙන්නේ. ” සංගා පැවසුවේය.
මහෙල ජයවර්ධනත් මේ අවස්ථාවේ අදහස් දැක්වූයේ වැඩසටහනට හැම දෙනාගේම සහය පතමිනි.
“ඉතාම වැදගත් කර්තව්‍යයක්. හැමෝගෙම සහයෝගය එක්ක පටන් ගත්තේ. පුරවැසියන් විදිහට අපට ලොකු වගකීමක් තියනවා මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. හොඳ පටන් ගැන්මක්. බොහෝ දේ කරන්න තියනවා ඉදිරියට. සෑම දෙනාටම සුබ පතනවා. මේ කර්තව්‍යයට හැම කෙනාගේම සහාය පතනවා. මහේල ජයවර්ධන කීවේය.”
සිදත් වෙත්තමුනිත් සිය අදහස් දැක්වූයේය.
“මම නම් මේ ව්‍යාපෘතිය ගැන ඇහුවම ඉතාම සතුටු වුනා. මම කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කියන ව්‍යාපෘතිය ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන එකේ කොන්සෙප්ට් දිහා බැලුවම ඒවා අපට පුරවැසියන් ලෙස කරන්න පුලුවන් නම් මේ රට නිකම්ම දියුණු වේවි කියලා. මම ඉතාම සතුටු වෙනවා මේ ප්‍රොජෙක්ට් එක ආරම්භ වුන එක ගැන. අපි ඔක්කොම සහභාගී වෙලා අත දෙන්න ඕන ඒක සාර්ථක වෙන්න.” වෙත්තමුණි පැවසුවේය.







