අලුත් අවුරුදු සාද සඳහා විශාලතම ගමනාන්තයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ French Quarter දිස්ත්‍රික්කයේ නිවු ඔලියන්ස් හි නව වසර උදාව සැමරීම වෙනුවෙන් විනෝද වෙමින් සිටි විනෝදකාමීන් පිරිසක් වෙත පිකප් ට්‍රක් රථයක් අධික වේගයෙන් ධාවනය කර පදිකයින් යට කර දමා අනතුරුව ට්‍රක් රථයෙන් බැස කළ වෙඩි තබා පුද්ගලයින් 11ක් ඝාතනය කර 36 දෙනෙකුට පමණ තුවාල සිදුකළ අපරාධකරුවෙක් පොලිසිය විසින් වෙඩි තබා මරා දමා තිබේ.

සෙනඟ අතරට හැප්පීමෙන් පසු රියදුරු ට්‍රක් රථයෙන් බැස ආයුධයකින් වෙඩි තැබීමට පටන් ගත් බවත් එම වෙඩි පහරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද තුවාල ලද බවත් විදෙස් මාධ්‍ය පවසයි. පොලිස් නිලධාරීන් මේ වනවිට ස්ථාවරව පසුවන අතර තුවාල ලද සියලු දෙනා ප්‍රාදේශීය රෝහල් පහකට ගෙන ගොස් තිබේ.
කාර්යබහුල නිව් ඕර්ලියන්ස් හි බර්බන් වීදියේ දී බදාදා අලුයම 3:15 ට පමණ මේ අපරාධය සිදුවී තිබිණි. ට්‍රක් රථයේ තිබි හඳුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය ද සොයා ගත් බව ආරක්ෂක අංශ පැවසුවේය. එෆ්බීඅයි හි නිව් ඔර්ලියන්ස් ක්ෂේත්‍ර කාර්යාලය භාර සහකාර විශේෂ නියෝජිතවරියක වන ඇලෙතියා ඩන්කන් උපුටදෙක්වමින් Associated Press වාර්තා කරන්නේ සැකකටයුතු පුපුරණ ද්‍රව්‍යයක් එම ස්ථානයේ තිබී සොයා ගැනීම පිළිබඳව නිලධාරීන් විමර්ශනය කරමින් සිටින බවය.
FBI නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස විමර්ශනය කිරීම සඳහා සිය හවුල්කරුවන් සමඟ” පරීක්ෂණයකට නායකත්වය දෙන බවය.
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිව් ඔර්ලියන්ස් නගරාධිපති LaToya Cantrell මෙම ඝාතන “ත්‍රස්තවාදී ප්‍රහාරයක්” ලෙස විස්තර කළේය. නගරයේ පොලිස් ප්‍රධානියා පැවසුවේ මෙම අපරාධය පැහැදිලිවම හිතාමතා කළ එකක් බවයි.
පොලිස් කොමසාරිස් ඈන් කිර්ක්පැට්‍රික් පැවසුවේ ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීමට පොලිස් නිලධාරීන් ක්‍රියා කරනු ඇති බවය. ඇය කීවේ මේ අපරාධකරු උත්සාහ කලේ හැකි පමණ මිනිසුන් මරා දැමීමට බවය.
ධවල මන්දිරය පැවසුවේ ජනාධිපති ජෝ බයිඩන් දැනුවත් කර ඇති බවයි. ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති මෙරික් ගාර්ලන්ඩ් ද දැනුවත් කළ බව අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි. සිද්ධිය වූ අවස්ථාව අල් ජසීරා පුවත් සේවය මෙසේ වාර්තා කර තිබුණේය.







