කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
කාදිනල් තුමා සම්බන්ධව රන්ජරන් රාමනායක කළ ප්‍රකාශයක් පිළිබඳව හඬ පටයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් හා ඒ සම්බන්ධව මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධව කතෝලික සභාව විසින් අදාල පැමිණිල්ල ගොනු කර තිබිණි.
සිද්ධියට අදාලව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රන්ජන් රාමනායක කැඳවූ අතර ඔහු ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරනු ලැබීය. එහිදී රන්ජන් රාමනායක තමන් විසින් මෙවැනි ප්‍රකාශයක් කළ බව හෝ නාමල් කුමාර නැමැති පුද්ගලයෙක් කිසිදා හමුවී නැති බව ප්‍රකාශ කළේ යැයි මාධ්‍ය ඉදිරියේ පැවසුවේය.
මේ සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් නාමල් කුමාර ඉන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරනි







