ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා දිවයින පුරා අත්සන් කෙරුණු දිවුරුම් ප්‍රකාශය ලේඛන 11,000ක් ලෙස නී දෙපාර්තමේන්තුවට බාරදීමට අද (20) පෙරවරුව් කටයුතු කළේය
නීතිඥ නුවන් බෝපගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් මෙම ලේඛණත් සහිතව කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ සිට නීතිපති දෙපාර්තමේන්තුවට පා ගමනින් ගමන් කරද්දි ඊට පොලිස් බාධා එල්ල විනි.
කෙසේ වෙතත් පිරිස පා ගමනින් නීතිපති දෙපාර්තමේන්තුවට ගමන් කර එම ලේඛණ භාර දී තිබිණි.
හෘදසාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය නමින් දිවයින පුරා ඒ වෙනුවෙන් අත්සන් එකත් කරනු ලැබුවේය.