ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට එල්ල වී ඇති මරණ තර්ජන සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස එම කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුන්චිහේවා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනෙකුට එල්ල වූ මරණ තර්ජන සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් මෙම ඉල්ලීම කළ බව ද සභාපතිවරයා පවසා තිබේ.
මේ අතර ජාතික මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් “නිවුස් ෆස්ට්“ නාලිකාව වාර්තා කරන්නේ පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීම සඳහා විවිධ පාර්ශවයන් ජාතික මැතිවරණ කොමිසමට දිගින් දිගටම අනිසි බලපෑම් කරමින් සිටින ආකාරය ය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා සම්බන්ධ විය යුතු රාජ්‍ය ආයතන කිහිපයකට අනුයුක්තව සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම රාජකාරිය පැහැර හරිමින් සිටින බවද ඔහු පෙන්වා දී තිබේ.
රාජකාරි පැහැර හරිමින් සිටින රාජ්‍ය නිලධාරීන් පත්කළ අය රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා ඇත.