2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කර තිබූ නඩුව විභාගය සඳහා දින නියම කිරීමට පෙබරවාරි මස 28 වැනිදා නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
ඒ මෙම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
නඩු විභාගය ආරම්භ කරන දිනය නියම කිරීමට ලබන 28 වැනිදා නඩුව කැඳවන ලෙසත් එදින අධිකරණයේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
මෙම චෝදනාව එල්ල වී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් හත්දෙනෙකු මුලින්ම අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණි.