ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල වී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බව පරීක්ෂණවල දී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට රට තුළ අපරාධ මෙහෙයවන පාතාල නායකයින් වැඩි ප්‍රමාණයක් සිය ආරක්ෂාව සලසාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟවී සිටීම පිළිබඳ කාරණය මෙම දුරකථන ඇමතුම් ගැන විමර්ශනයේ දී විමර්ශන අංශවල වැඩි අවධානයට ලක් වී ඇතැයි වාර්තා වේ.
දුරකථනයේ ලියාපදිංචි ලිපිනය සොයා යද්දී එය ගාල්ලේ පුද්ගලයෙකුට අයත් ලිපිනයක් බව සොයාගෙන ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සේවා සපයන්නන්ගෙන් විදුලි සංදේශ විශ්ලේෂණ වාර්තා කැඳවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. .