බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   

by Lanka Sara Editor
ජනවාරි 30, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ මුදල් විෂයයට ගෑවුණු සහ නොගැවුණු මැති ඇමතිවරු මේ දවස්වල රටට දෙන ලොකු ම බලාපොරොත්තුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදල අද ලැබෙයි හෙට ලැබෙයි දැන් ලැබෙන්න ඕන්න මෙන්න කියාය. එහෙත් ඇත්ත ටිකක් තිත්තය. ඒ වගේම ඈතය. රටක් ලෙස ඉතිහාසයේ වැටෙන්නට පුළුවන් දරුණුම තැනකට වැටී තිබුණද මේ අර්බුදය තුළ රටක් ලෙස අද විශ්වාස කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වනත් ප්‍රායෝගික විකල්පයක් නොමැති බවය. ඒ බව ආණ්ඩුවේ දේශපාලකයනුත් විපක්ෂයේ දේශපාලකයනුත් අද පිළිගෙන ඇත.

මේ මූල්‍ය අසහනය පසුපස යන ශ්‍රි ලංකාවට ඒ සඳහා අවශ්‍ය පළමු සහතිකය ලබා දෙන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ මුදල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ශ්‍රි ලංකාව මුහුණ දී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපෙක්ෂා කරන ණය සහනය ලබා ගැනීම සහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට කැමැත්ත පළ කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියේවා වෙත පසුගිය ජනවාරි මස 16 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. එයින් දින කිහිපයක් ගත වන්නට පෙර ඉන්දිය විදේශ ලේකම් ආචාර්ය එස් ජෙයශංකර් ශ්‍රි ලකාවට පැමිණ ජනාධිපතිවරයාද හමුවී ඉන්දියාව මෙම අර්බුදය හමුවේ ක්‍රියා කරන ආකාරය පිළිබදව සහතිකය ලබා දුන්නා පමණක් නොව ජනාධිපතිවරයාට නුදුරේදීම ඉන්දියාවේ සංචාරයක් කිරීම සඳහා නිල ආරාධනයක්ද කළේය.

ආචාර්ය ජෙයශංකර් ද ඉන්දීය විදේශ සේවා ඉතිහාසයේ  විදේශ අමාත්‍ය ධුරයට පත් වූ ඉතා ශූර රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙසින් සැලකෙයි. දීර්ඝ කාලයක් විදේශ සේවයේ කටයුතු කොට විදේශ ලේකම්වරයා දක්වාම ඉහළට ගිය ජෙයශංකර් ට අගමැති මෝදි විදේශ අමාත්‍ය ධුරය පිරිනැමුවේය. පෙර අපර දෙදිග සමඟ ඉතා තියුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් නඩත්තු කිරීමේ ක්‍රමෝපායක් සහ දැක්මක් සහිත මෙම විදේශ අමාත්‍යවරයා ඉන්දියාව කෙරෙහි හ්‍රි ලාංකික හදවත්වල විශ්වාසය තහවුරු කර ගැනීමට මෑත කාලීන ව ඉතා දක්ෂ ලෙස හැසිරුණු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන්නේය. ඔහු මෙරටට පැමිණ විශේෂයෙන් ඉඟි කළේ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ඉන්දියාවේ වැඩි අවධානයක් යොමු කරවන බවයි. මේ වනවිටත් බලශක්තිය සම්බන්ධයෙන් අතිශය බරපතල අර්බුදයක සිටින ශ්‍රි ලංකාවේ නැගෙනහිර පළාත තුළ ත්‍රිකුනාමලය ආශ්‍රිතව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දියානු ආයෝජන ගෙන එන බවට පොරොන්දු විම විශේෂත්වයක් විය.

මේ පිළිබඳව සිය මතය පළ කළ නවදිල්ල්ලියේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පසුගියදා පවසා තිබුණේ ආචාර්ය ජෙයශංකර්ගේ සංචාරය ශ්‍රි ලංකාවත් ඉන්දයාවත් අතර පැවති සම්බන්ධතා අලුත් කැනකින් යළි පටන් ගැනීමකට සමාන බවය. විශේෂයෙන් පසුගිය වසරේ ශ්‍රි ලංකාව මුහුණ දුන් අමිහිරිතම අත්දැකීම් තුළ කිසිදු කොන්දේසියකින් තොරව ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ණය මුදලක් ලබා දිමත් රට දුවන්නට අවශ්‍ය මූලික තල්ලුව ලබා දීම එහිදී වඩාත් වැදගත් මෑත කාලීනව වඩාත් වැදගත් වූ කරුණක් වෙයි.
ශ්‍රි ලංකාවට ආසනන්තම රාජ්‍යය ලෙස මෙන්ම ආසියාකරයේ නැගි එන ආර්ථික යෝධයා ලෙස ශ්‍රි ලංකාවට ඉන්දියාව අර්බුදයෙන් මිරිකී සිටින ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා යන ගමනේ පළමු පාලම ඉදිකරන්නා බව මිලින්ද මොරගොඩ ඉන්දිය මාධ්‍ය වෙත පවසා ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මේ පාලමේ අඩක් දුර ගෙවන්නට  මේවනවිට සදානම්ය.  එම පාලමේ තවත් කොටසක් ජපානයත් පැරිස් සමාජය නියෝජනය කරන රටවල් මෙන්ම බහු පාර්ශ්විය ණය ලබා දුන් ආයතන මේ වනවිට සිය එකඟතාවන්ට එලඹ ඇති සැටියක් පෙනී යයි.

එහෙත් මේ සෑම පාලම් කොටසක තවත් කොටසක්  ජාත්‍යන්ර මූල්‍ය අරමුදල ආසන්නයට ගොස් නවතින තැනක් ඇත. ඒ චීනය විසින් සැදිය යුතු සැලකිය යුතු කොටසයි. මේ වනවිට ශ්‍රි ලංකාවට ණය ලබා දී ඇති විශාලතම ණයකරුවා වන්නේ චීනයයි.

සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ චීනයට  පවතින ණය ඩොලර් බිලියන 7.4ක් පමණ වන බවය. අද රටක් ලෙස ශ්‍රි ලංකාව ලොකුම අර්බුද නිර්මාණය කරගෙන ඇත්තේද චීනය විසින් ක්‍රියාත්මක කරන ලෙස එක් මාවතක් එක් තීරුවක් චීන ව්‍යාප්තවාද වැඩ සටහන හරහා ණයට ලබා දුන් සුදු අලි ව්‍යාපෘති නිසාය. කිසිදු ආර්ථික ඵලදායිතාවකින් තොරව  චීන ණයවලින් ඇරඹුණු ව්‍යාපෘතිවල ණය අපට මුදල් ගෙවන්නට සිදුව තිබුණද එම ආයෝජනය ඵලදායීව යෙදුණු බව පිළිබඳව ඉදිරිපත් වන සාධක සාපෙකෂව අඩුය.

කෙසේ වුවද ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රි ලංකාවට පය තබන්නට දවසකට කලින් , ඊට දින කිහිපයකට පෙර ශ්‍රි ලංකාවට පැමිණ සිටි  චීන නියෝජ්‍ය ඇමතිවරයකු ඇතුලු දූත පරිසක් දින කිහිපයක් මෙරට ගත  කර පිටව ගියේය. ඔවුන් රටේ ප්‍රධාන පෙලේ පුරවැසියන්  දෙතුන් දෙනාම හමුවීමට ක්‍රියා කළද මෙතෙක් කලක් චිනය දෙසින් බලාපොරොත්තුවෙන් හිඳින ණය ප්‍රතිව්‍යූහගතකරණය  පිළිබඳව පිළිතුර ඔවුන්ගෙන් ලැබුණේ නැත. චීන ජනාධිපති ෂී ජින් පින් ශ්‍රි ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලියුමක් ඔවුන් අත එවූ බව කියවුණද මේ ලියුමෙන් චීනය දන්වා තිබුණේ කුමක්ද යන්න දෙපාර්ශ්වයම එළියට දැම්මේ ද  නැත. ඒ වෙනුවට ඒ දිනවල ප්‍රකාශ වුණේ චිනය පසුගිය සතියේදි ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව   සිය ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ප්‍රකාශ කරන බව සඳහන් වුවද ඉන්දියාවේ ද හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත පවසන්නේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  හමුවේ ප්‍රකාශ කිරීම  චීනය යළිත් කල් තබා ඇති බවය. ඒ වෙනුවට චීනයේ ප්‍රධාන ණය දෙන්නකු වන චීන ආනයන සහ අපනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව ශ්‍රි ලංකාවට ලබා දී ඇති සිය ණය සඳහා ආපසු ගෙවීමේ වසර දෙකක සහන කාලයක් ලබා දීමය. එහෙත් සෙසු ණයකරුවන් මෙම ආපසු ගෙවීමේ සහන කාලය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමට සිය කැමැත්ත පළ කර ඇත.

මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව පිළිගත හැකි තීන්දුවකට පැමිණීමට හෝ  අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකිව නැත. චීනය යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන විශාලතම කොටස් හිමියාය. එය වෙනම කතාවකි. එහෙත් චීනය මෙම අවස්ථාවේදීත් වෙහෙසෙන්නේ ඉන්දියාව සමඟ පවතින භූ දේශපාලනික හරඹය මත ශ්‍රි ලංකාව ඉත්තකු සේ පාවිච්චි කිරීමය.

චීනයට ගෝලීය ආර්ථික ආධිපත්‍යයක් පිළිබදව දැක්මක් ඇත. එය ඇමෙරිකාවටත් ඉන්දියාවටත් අඩු වැඩි වශයෙන් ඇත. මේ සෑම රටක්ම සිය නයාය පත්‍රය හෝ ගමන් සිතියම තුළ ශ්‍රි ලංකාව සලකන්නේ තීරණාත්මක මර්මස්ථානයක් ලෙසින්ය. ඒ අවස්ථාව අනිසි ලෙස උපයෝගී කර ගත් චීනයත් චීනයේ මේ දැකම අනිසි ලෙස උපයෝගී කරගත් ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පරපම්පරාව ප්‍රමුඛ දේශපාලනයත් අද ශ්‍රි ලංකාව යම් අවදානම් තැනකට තල්ලු කර ඇත. මේ සංදර්භය තුළ  වඩාත් පීඩනයට පත්ව ඇත්තේ දූපත් වාසී ශ්‍රි ලාංකිකයන්ය. 75 වසරක නිදහස් සැමරුම ආසන්නය වනවිට රටේ අභිමානය පොළොවට පස්වන මට්ටමට අද ශ්‍රි ලංකාව අසරණ කර ඇත.

චීනය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විය යුතු දේ හොඳින්ම දනී.එහෙත් ඒ යුතකුකම ඉටු කිරීමට අර අදින්නේ ඔවුන්ගේ සැඟවුණු භූ දේශපාලනික ක්‍රියාදාමයේ සැඟවුනු කොටසක් මේ අසරණ භාවය මත්තේ ඉටු කරවා ගැනීමට බව ට අපට සාධාරණ සැකයක් මතුවේ. ජනාධිපතිවරයාට චීන ජනාධිපතිගෙන් ලද ලිපිය වැරදිලාවත් එලියට නොඑන්නේද මේ නිසා බව  අපට නිරායාසයෙන් සිතට එන කරුණකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…

Next Post

උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.