මනම්පිටිය නිමල් ජයරත්න-
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිදු නෛතික අවසරයකින් තොරව මහවැලි ඩී කලාපයේ බිසෝපුර කොට්ටාසයේ වඩිගවැව ආශ්‍රිතව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් කළ සංවර්ධන කටයුත්තක් අතර මතුවූ පෞරාණික නටබුන් විශාල ප්‍රමාණයක් පස්වලින් යට කර දමා ඉදිරි කටයුතු සිදුකමින් සිටිය දී එම සියලු සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කර දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.
වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ කළ සංවර්ධන කටයුත්තක දි වඩිගවැව රළපනාව පිහිටි ප්‍රදේශයෙන් මතු වූ ඉපැරණි නටබුන් සහ ගල්කණු පස් වලින් වසාදමා ඇති බවත්, ඒ පිළිබඳව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් මැදිරිගිරිය කලාප භාර පුරාවිද්‍යා නිලධාරි ප්‍රසාද් කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේය.
රටේ නීතිය අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ගවේෂණයකින් අනතුරුව ලබා දෙන නෛතික අවසරයක්න තොරව මහවැලි අධිකාරිය විසින් මෙම සංවර්ධන කටයුතු ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇතැයි මැදිරිගිරිය කලාපභාර පුරාවිද්‍යා නිලධාරි ප්‍රසාද් කුමාර වැඩිදුරටත් කීවේය..
ඒ අනුව ප්‍රසාද් කුමාර ඇතුළු පුරාවිද්‍යා නිලධාරි කණ්ඩායමක් වඩිගවැව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ප්‍රදේශයට ගොස් 19 වෙනිදා ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය මගින් අදාල ගල්කණු සහ පුරාවිද්‍යා නටබුන් හමුවීමත් සමග ඒවා පස්වලින් වසා දමා ඇති බවය.
ඒ පිලිබදව තමන් වහාම පුරාවිද්‍යා අධ්යක්ෂවරයා දැනුවත් කළ බවත් එම ප්‍රදේශයේ යළි කැණිම් කටයුතු සිදු නො කිරිමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත්, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරයකින් පසු අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට අවසර ලබාදෙන බවත් ප්‍රසාද් කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේය.
අප මේ පිළිබඳව මහවැලි ඩී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර හේමන්ත ජයසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වසරේ ඔක්තෝබර් මාසයේ වාරි සෞභාග්‍යය ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇති බවය.
වඩිගවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සියයට අනූවක් අවසන් වී ඇති බවත්, වැවේ රළපනාව ප්‍රදේශයේ ප්රතිසංස්කරන කටයුතු කිරීමේදී ගල්කණු සහ නටඹුන් මතුවී ඇතැයි කොට්ඨාශ කළමනාකාරවරයා තමන්ව දැනුම්වත් කළ බවත්ය.
ඒ අනුව හමුවූ නටබුන් හා ගල්කණු සුරක්ෂිතව තබන ලෙසට උපදෙස් ලබාදුන් අතර ගම්මානයේ සියලු දෙනා බලා සිටීයදී එම නටබුන් මහදවල් මතුවී ඇති බව ඔහු කීවේය.
එය රහසිගතව සිදුකළ කටයුත්තක් නොවන බවද ඔහු සඳහන් කළේය, තමන් ඩී කලාපයේ වැඩභාරගෙන සතියක්වත් නොමැති බවත් ,මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ එම ප්‍රදේශය පමණක් සංවර්ධන කටයුතු සිදුනොකර ලෙස දැන්වූ බවත්ය නේවාසික කළමනාකාරවරයා කීවේය.
ඔහු කීවේ ගොවි ජනතාවගේ ඉල්ලීම අනුව මහවැලිය වඩිගවැව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවසර ලබාදුන් බවය.