බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වඩිගවැවෙන් මතුවූ පෞරාණික නටබුන් පුරාවිද්‍යාවට හොරෙන් මහවැලිය හංගලා….

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න- 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිදු නෛතික අවසරයකින් තොරව මහවැලි  ඩී   කලාපයේ බිසෝපුර කොට්ටාසයේ  වඩිගවැව ආශ්‍රිතව  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින්  කළ සංවර්ධන කටයුත්තක් අතර මතුවූ   පෞරාණික නටබුන් විශාල ප්‍රමාණයක්  පස්වලින් යට කර දමා  ඉදිරි කටයුතු සිදුකමින් සිටිය දී  එම සියලු සංවර්ධන  කටයුතු තාවකාලිකව නතර කර දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ කළ සංවර්ධන කටයුත්තක දි  වඩිගවැව රළපනාව පිහිටි ප්‍රදේශයෙන් මතු වූ ඉපැරණි නටබුන් සහ ගල්කණු පස් වලින් වසාදමා ඇති බවත්, ඒ පිළිබඳව     පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් මැදිරිගිරිය කලාප භාර පුරාවිද්‍යා නිලධාරි ප්‍රසාද් කුමාර   අප කළ විමසීමකදී සඳහන් කළේය.

රටේ නීතිය අනුව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ගවේෂණයකින් අනතුරුව ලබා දෙන     නෛතික අවසරයක්න තොරව මහවැලි අධිකාරිය විසින්  මෙම සංවර්ධන කටයුතු ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇතැයි  මැදිරිගිරිය කලාපභාර පුරාවිද්‍යා නිලධාරි ප්‍රසාද් කුමාර   වැඩිදුරටත් කීවේය..

ඒ අනුව ප්‍රසාද් කුමාර   ඇතුළු පුරාවිද්‍යා නිලධාරි කණ්ඩායමක් වඩිගවැව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ප්‍රදේශයට ගොස්  19 වෙනිදා ක්ෂේත්‍ර     පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ  ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය මගින් අදාල ගල්කණු සහ පුරාවිද්‍යා නටබුන් හමුවීමත් සමග ඒවා පස්වලින්  වසා දමා ඇති බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ පිලිබදව තමන් වහාම පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා දැනුවත් කළ බවත් එම ප්‍රදේශයේ යළි කැණිම් කටයුතු සිදු නො කිරිමට    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අදාළ බලධාරීන්ට උපදෙස්  ලබාදුන් බවත්,   පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරයකින් පසු අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට අවසර ලබාදෙන බවත් ප්‍රසාද් කුමාර   අප කළ විමසීමකදී සඳහන් කළේය.

අප මේ පිළිබඳව මහවැලි ඩී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර හේමන්ත ජයසිංහගෙන්  දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ  එම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වසරේ ඔක්තෝබර් මාසයේ වාරි සෞභාග්‍යය ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇති බවය.

වඩිගවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සියයට අනූවක් අවසන් වී ඇති බවත්, වැවේ රළපනාව ප්‍රදේශයේ ප්‍රතිසංස්කරන කටයුතු කිරීමේදී ගල්කණු සහ නටඹුන් මතුවී ඇතැයි  කොට්ඨාශ කළමනාකාරවරයා තමන්ව දැනුම්වත් කළ බවත්ය.

ඒ අනුව හමුවූ නටබුන් හා ගල්කණු සුරක්ෂිතව තබන ලෙසට උපදෙස් ලබාදුන් අතර ගම්මානයේ සියලු දෙනා බලා සිටීයදී එම නටබුන් මහදවල් මතුවී ඇති බව ඔහු කීවේය.

එය රහසිගතව සිදුකළ කටයුත්තක් නොවන බවද ඔහු සඳහන් කළේය, තමන් ඩී කලාපයේ වැඩභාරගෙන සතියක්වත් නොමැති බවත් ,මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ එම ප්‍රදේශය පමණක් සංවර්ධන කටයුතු සිදුනොකර ලෙස දැන්වූ බවත්ය  නේවාසික කළමනාකාරවරයා කීවේය.

ඔහු කීවේ ගොවි ජනතාවගේ ඉල්ලීම අනුව මහවැලිය වඩිගවැව ප්‍රතිසංස්කරණ   කටයුතු සිදු කිරීමට අවසර ලබාදුන් බවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිත්තර සඳහා දැමූ උපරිම සිල්ලර මිල ඉවත් නොකලොත් බිත්තර නෑ – බිත්තර නිශ්පාදකයෝ කියති!

Next Post

ගාලු කොටුවේ ඓතිහාසික භූගත යුද අට්ටාල තුනක් ප්‍රදර්ශනාගාර වෙයි….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.