ලලිත් චාමින්ද –
ලෝක උරුම ගාලු කොටු පවුර තුළ පෘතුගීසි හා ලන්දෙසි ජාතිකයින් විසින් තනනු ලැබු භුගත යුධ අට්ටාල නවයෙන් තුනක ස්ථාපනය කරනු ලැබු ලංකාවේ ප්‍රථම භුගත ඓතිහාසික ප්‍රදර්ශනාගාරය සංස්කෘතික කටයුතු හා කලා කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ජනතා අයිතියට පත්කරනු ලැබිය..
කඵ කොටුව අට්ටාලය, සඳු අට්ටාලය හා තාරකා යුධ අට්ටාලය ඓතිහාසික භුගත ප්‍රදර්ශන ගැලරි බවට පත්කරනු ලැබ ඇත.
කළුකොටු අට්ටාලය තුළ සිංහල හා යටත් විජිත යුගයේ භාවිතයට ගැනුනු අවි ආයුධ හා ඒ ඇසුරින් ප්‍රතිනිර්මාණය කරනු ලැබු එවා ප්‍රදර්ශනයකර ඇති අතර සඳු අට්ටාල ගැලරියහි සිංහල රාජ යුගයේ සිට ඉංග්‍රීසි යුගයේ අවසානය දක්වා වු ඉතිහාසයේ වැදගත් සිද්ධින් සිතුවම් හා පිළිරු මගින් ඉදිරිපත් කර ඇත.
තුන්වන ගැලරිය වන තරකා යුධ අට්ටාලය තුළ (ලන්දෙසින්ගේ විශාලම වෙඩි බෙහෙත්ගබඩාව) සිංහලයින් තැනු වෙඩි බෙහෙත් වර්ග හා පත්තරවලින් පලමුවරට තැනු වෙඩි උණ්ඩ හා ආයුධවල පරිනාමයන් ප්‍රතිනිර්මානය කරඇත.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වැචිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරන ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු, ගාලු උරුමය පදනමේ සභාපති ගාල්ල නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග හා දකුණු පළාත් සහකාර පුරා විද්‍යා අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන් එක්ව සිටියහ.