බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමරිසි පුද්ගලයින් ගෙන්වාගෙන ඔවුන්ට දස වද දී කප්පම් ලබා ගන්නා වධකාගාරයක්  බැද්දගානෙන් සොයා ගනී!

by editor
ජූනි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සමරිසි පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පවත්වාගෙන ගිය යෙදුමක් ඔස්සේ තරුණයන් ගෙන්වා ඔවුන් නිරුවත් කර පහර දී ලිංගික දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව කියමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ගත් සංවිධානාත්මක කල්ලියක් මිරිහාන මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම කල්ලියට හසු වූ නුගේගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කරන තරුණයකු විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයෙන් පසු මෙම කල්ලිය අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා අන්තර්ජාලය ඔස්සේ සමරිසි පුද්ගලයන් සම්බන්ධ කරන යෙදුමකට සම්බන්ධවීමෙන් පසු මෙම  කල්ලිය විසින් ඔහුව එම යෙදුම හරහා සම්බන්ධ කරගෙන ඔහු සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත.

පසුව ඔහුට දුන් ඇමතුමකට අනුව ඔහු සමරිසි පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා පිටකෝට්ටේ  බැද්දගාන වෙහෙරකන්ද ප්‍රදේශයේ පාළු දෙමහල් නිවෙසකට කැඳවා තිබේ. පසුව නිවෙසට ගිය එම තරුණයාට තිදෙනකුගෙන් යුත් පිරිසක් පහර දී ඔහු නිරුවත් කර ඔහු සමඟ ලිංගික ක්‍රියාවන් සිදුකර ඒවා වීඩියෝ ගතකර ඇත.

පසුව එම දර්ශන අන්තර්ජාලයට යොදන බවට ඔහුට තර්ජනය කර ඇති අතර එසේ නොකරන්නට නම් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලා ඇත. කෙසේ වෙතත් එම මුදල රැගෙන එන බව පවසා මෙම තරුණයා ඔවුන්ගෙන් මිදී මිරිහාන පොලිසියට පැමිණ මේ බව පැමිණිලි කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා මෙම තරුණයාට ලබාදෙන උපදෙස් මත ඔහු කප්පම්කරුවන්ට රුපියල් ලක්ෂය ලබාදීම සඳහා පිටකෝට්ටේ මංසන්ධියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. කප්පම්කරුවන් පිටකෝට්ටේ හන්දියට පැමිණි අවස්ථාවේදී පැමිණිලිකරුගේ මඟ පෙන්වීම මත නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔවුන් තිදෙනාගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී 10 දෙනකුට ආසන්න තරුණයන්ගේ නිරුවත් පින්තූර සොයාගෙන ඇති අතර එම තරුණයන් කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා විමර්ශනයක්ද අරඹා තිබේ. එක් සැකකරුවකුගේ පියාට අයත් දෙමහල් නිවෙසේ මොවුන් මෙම නිරුවත් දර්ශන ලබාගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යද සොයාගත් බව පොලිසිය කියයි. නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජයමහ, සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර, මිරිහාන වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති උප පරීක්ෂක ප්‍රභාත් ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති. (කීර්ති මෙන්ඩිස් – මව්බිම)

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහල් සේවකයෙක් රෝහල තුළම ගෙළ වැල ලා ගනී!

Next Post

සුදු අප්පච්චි චිත්‍රපටයෙන් හඳුන්වා දෙන  තරු කැකුළු   සමග පිළිසඳරක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.