දිනසේන රතුගමගේ
මන්නාරම සවුත් බාර් ලුණුලේවා ප්රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්රධාන සැකකරු බව කියන පුද්ගලයෙකු මන්නාරම පොලීසිය විසින් 25 දා වවුනියාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයා මියගිය කාන්තාවගේ මවගේ සහෝදරයෙකු වන අතර ඔහු කාන්තාව මරා දැමීමට සෘජුවම කටයුතු කල පුද්ගලයා බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව පරීක්ෂණ මෙහෙයැවූ මන්නාරම පොලීසියේ නිලධාරීන් ඔහුව වවුනියාවේදී අත් අඩංගුවට ගෙන මන්නාරම වෙත රැගෙන ගොස් තිබේ.
මන්නාරමේ පදිංචිව සිටි විසි එක් හැවිරිදි ටෝරිකා ජුලියන් නමති කාන්තාව මෙසේ ඝාතනයට ලක්කොට තිබුණේ ඇය අයගේ සහෝදරඉයගේ ස්වාමිපුරුෂයා සමග අනියම් සබදකමක් පවත්වාගෙන යන බවට ලද ආරංචියක් මත බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
එම කාන්තාව ලුණු ලේවායට තල්ලු කොට මරා දැමීමෙන් පසුව ඇගේ මළ සිරුර 18 වෙනිදා පොලීසියට හමු වූ අතර ඒ සමබන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇගේ සහෝදරිය හා කාන්තාවද තවත් උදව් කළ පුද්ගලයෙකුද මීට පෙර අත් අඩංගුවට ගෙන තිබුණි.
මළ සිරුර සම්බන්ධයෙන් මන්නාරම රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ සිරුරේ කැපුම් තුවාල කීපයක් ඇති බව අනාවරණය වූ අතර මේ නිසා ඇයව තියුණු ආයුධයකින් කපා ලුණු ලේවායට තල්ලු කරන්නට ඇති බවට සාධක හමුව තිබේ.
කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව ඇගේ දේහය අවසන් කටයුතු සිදු කිරීම සදහා පවුලේ ඥාතීන් වෙත බාර දීමෙන් පසුව 24 දා එම කටයුතු මන්නාරම පොදු සුසාන භූමියේදි සිදු කොට තිබේ.