බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ඝාතන රැසක තොරතුරු එළියට…. අංකුඹුරේ සැකකාර ජේලර් ඝාතකයාත්, මහනුවර යාචක ස්ත්‍රිය ඝාතනය කළ ඝාතකයාත් ජීවත් වෙලා තියෙන්නේ එකම නිවසක…

by editor
ජනවාරි 27, 2026
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ගෙළ කපා යාචක කාන්තාවක් ඝාතනය කර පොලීසියට භාර වූ 30 හැවිරිදි තරුණයා අංකුඹුර ගල්කන්ද නිවසකදී  කාන්තාවකගේ හිසට පිහියකින් පහරදී මරාදමා සිරුරට ගිනි තැබීමේ සිද්ධියටද සම්බන්ධ බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

අංකුඹුර පොලිස් වසමේ ගල්කන්ද ප්‍රදේශයේ නාය යෑමේ අවධානමකට ලක්ව තිබූ නිවසක අභිරහස් ලෙස ඝාතනය කර තිබූ අවුරුදු 18-30 අතර වයසේ පසුවන කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් 73 හැවිරිදි පුද්ගලයා හා මෙම තරුණයා ඉතා සමීප ඇසුරක් පවත්වමින් එකම නිවසේ ජීවත්ව සිට ඇති බව පොලීසිය පවසයි.

අංකුඹුර ඝාතනය සම්බන්ධයෙන් 73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු අදාළ තරුණයා අරුප්පොළ ප්‍රදේශයේ මහවැලි ගං ඉවුරේදී යාචක කාන්තාව ඝාතනය කර තිබිණි. සිද්ධියෙන් පසු මහනුවර පොලීසියට පැමිණ පාපොච්චාරණයක් කරමින් ඔහු කියා තිබුණේ ණයට ඉල්ලා ගත් රුපියල් ලක්ෂයක මුදලින් හිඟ මුදල ඉල්ලා නිතර කරදර කිරීම නිසා ඇයව ඝාතනය කළ බවයි.

යාචක කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මහනුවර පොලීසියේ අපරාධ අංශය සැකකරුගේ ප්‍රකාශ තුළින් ඔහු අංකුඹුර ගල්කන්ද ප්‍රෙදේශයේ සිදුවූ ඝාතනයටද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එම ප්‍රකාශ අනුව ගල්කන්ද ප්‍රදේශයේ නිවසකදී ඝාතනයට ලක්ව ඇත්තේ ද යාචක කාන්තාවක් බවට පොලීසිය සැක කරයි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කලක් ලොතරැයි අළෙවි කර තිබෙන 30 හැවිරිදි සැකකරු අංකුඹුර ගල්කන්ද ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කළ බවට සැක කෙරෙන 73 හැවිරිදි පුද්ගලයාට තාත්තා යනුවෙන් ආමන්ත්‍රණය කරන බවද පොලීසිය පවසයි.

යාචක කාන්තාව ඝාතනයේ සැකකරු ඔහුගේ මව හා  අංකුඹුර ඝාතනයේ සැකකරු ගොහාගොඩ  තේක්කවත්ත ප්‍රදේශයේ නිවසක එකට වාසය කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

අංකුඹුර ගල්කන්ද නිවසේ  ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර නියාමකයා සොරකම් 15 ක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 17 ක සිරදඬුවම් විඳ 2019 දී නිදහස්ව පැමිණ ඇත.

යාචක කාන්තාවක් රැගෙන තමන්ද පියා සමඟ අංකුඹුරට ගිය බව 30 හැවිරිදි සැකකරු පොලීසියට පවසා තිබේ. ඔහු තරමක මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන බැවින් අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.

අරුප්පොළ ගං ඉවුරේදී ඝාතනයට ලක්වූ යාචක කාන්තාවක පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණයවී නොමැති අතර මහනුවර ඔරලෝසු කණුව අසළ ඇය සමඟ යාචක වෘත්තියේ නිරත වූ පිරිසකගෙන් පොලීසිය ප්‍රකාශ ද සටහන් කරගෙන තිබේ.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, පොලිස් අධිකාරි (01) දයාල් ඉලංගකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන, පොලිස් පරීක්ෂක ආර්.පී වීරරත්න, මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජපක්ෂ   විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

මේ ලිපිත් කියවන්න…

යාචක කාන්තාවකගෙන්  රුපියල් ලක්ෂයක ණයක් අරන් ණය මුදල් ආපසු ඉල්ලූ විට ගෙල කපා ඝාතනය කරලා…

අංකුඹුරේ දී කාන්තාවක් මරා පුලුස්සා දැමූ අපරාධයට  73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකයෙක්  අත් අඩංගුවට…..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනම් වන්නේ කතානායක ගැසූ පුද්ගලික ගේමක් නිසා ද?

Next Post

“සිරිලිය” හොරකම – විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීමට ශිරන්ති රාජපක්ෂ අද FCID ට!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.