බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අංකුඹුරේ දී කාන්තාවක් මරා පුලුස්සා දැමූ අපරාධයට  73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකයෙක්  අත් අඩංගුවට…..

by editor
ජනවාරි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

  • නායේ යෑමේ අවදානම මත අත්හැර දමා තිබූ නිවසක හමුවන දැවුන මළසිරුරේ අභිරහස හෙළිවන ලකුණු…

හිසට පිහියකින් කොටා කාන්තාවක් ඝාතනය කර මළ සිරුර ගිනි තබා විනාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකයෙක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

නාය යෑමේ අවධානම හේතුවෙන් නිවැසියන්ට ඉවත් වීමට දැනුම් දී තිබූ අංකුඹුර ගල්කන්ද ප්‍රදේශයේ  නිවසක් තුළ දී තරුණිය ඝාතනය කර පුළුස්සා තිබෙන අතර ඇය අවුරුදු 18-30 අතර වයසේ පසුවන තැනැත්තියක බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිදුකළ වෝහාරික වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

මළ සිරුර හමුවූ නිවස සැකකරුගේ වැඩිමහල් සහෝදරයාට අයත් එකකි.

පසුගිය දෙසැම්බර් මස 23 වැනි දින අදාළ නිවසේ තිබී පිළිස්සුණු මළ සිරුර මුලින්ම දැක ඇත්තේ සැකකරුගේ බාල සහෝදරයෙකු විසිනි. මියගොස් සිටියේ කාන්තාවක්ද පිරිමියෙක්ද යන්න පවා සොයා ගැනීමට නොහැකි ලෙස සිරුරු බරපතළ ලෙස පිළිස්සී තිබීම නිසා පොලීසිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමුකර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

මුලින් සියදිවි නසා ගැනීමක් වන්නට ඇතැයි සැක කෙරුවත් වෝහාරික වෛද්‍ය පරීක්ෂණය මගින් මියගොස් ඇත්තේ අවුරුදු 18-30 අතර වයසේ කාන්තවක් බවත් පිළිස්සීමට පෙර ඇගේ හිසට පිහි පාරවල් දෙකක් එල්ල වී තිබෙන බවත් අනාවරණය වීමත් පොලීසිය ඝාතකයා සොයා පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අංකුඹුර පොලීසියට අමතරව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ  උපදෙස් මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන, පොලිස් පරීක්ෂක ආර්.පී වීරරත්න, උප පොලිස් පරීක්ෂක ධම්මික බෝධිපක්ෂ, පොලිස් සැරයන්වරුන්  31874 ජයවර්ධන, 60360 ධම්මික, පොලිස් කොස්තාපල් 76739 තිලකරත්න යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබේ.

සැකකරුගේ පැටිකිරිය –

සැකකරු විනය විරෝධී ක්‍රියා හේතුවෙන් බන්ධනාගාර සේවයෙන් ඉවත්කර තිබෙන බවත් අනතුරුව සොරකම් කිරීමේ නඩු 15 කට වරදකරුවී වසර 17 ක සිර දඬුවම් ලැබ 2019 වසරේදී නිදහස ලබා පැමිණ තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

බිරිඳ ගේ නැගණිය හා අනියම් සම්බන්ධයක් පැවැත්වීම හෙළි වීමෙන් පසු සැකකරුගේ බිරිඳ සියදිවි හානි කරගෙන තිබෙන බවත් පසුව ඔහු කටුගස්තොට තේක්ක වත්ත ප්‍රදේශයේ  කාන්තාවක් සමඟ එකට ජීවත්ව තිබෙන බවත් පොලීසිය පවසයි.

මළ සිරුර හමුවූ නිවස සැකකරුගේ වැඩිමහල් සහෝදරයාට අයිති එකකි. ඊට පහළින් පිහිටි සැකකරුගේ නිවසටද නාය යෑමේ වලින් හානි සිදුව තිබෙන අතර දිව්ටා සුළ කුණාටුවේ බලපෑමත් සමඟ ඔහුට නිවසින් ඉවත් වනලෙස ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය දැනුම් දී තිබී ඇත.

පොලිස් පරීක්ෂක ආර්.පී වීරරත්න   ඇතුළු කණ්ඩායම ප්‍රදේශයට ගොස් විමර්ශන සිදුකළ අවස්ථාවේ පසුගිය වසරේ අගෝස්තු මස 17 වැනි දින සැකකරු එල්ල කරන ලද පිහි පහරකින් තුවාල ලත් කාන්තාවක් හමුවී තිබේ.

ඝාතනයට ලක්ව තිබූ කාන්තාවගේද හිසට පිහිපහර දෙකක් එල්ල වී තිබීම නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරුගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබාගත් අවස්ථාවේ අනාවරණය වී ඇත්තේ නිවස ගිනි ගන්නා අවස්ථාවේ සැකකරු ඒ ආසන්න ස්ථානයක සිට ඇති බවය.

පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ එදින තමන් අංගොඩ ප්‍රදේශයේ සිට ඇති බවයි. ඔහු එදින දෙහිවල සිටින බව තමන් ට පැවසූ බව ගොහාගොඩ තේක්ක වත්තේ පදිංචි සැකකරුගේ අනියම් බිරිය  පොලීසියට පවසා තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. අසනීප තත්ත්වයක් මත ඔහු මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

ඝාතනයට ලක්වූ කාන්තාව කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ ලිපියත් බලන්න…

නායේ යෑමේ අවදානම නිසා අත්හළ අංකුඹුරේ නිවසක් ගිනි ගනී… නිවස තුළ පිළිස්සුන මළ සිරුරක්…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූවන් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාවක්!

Next Post

දකුණු මුහුදේ දී දෙවිඳු සහ චූටි මල්ලී ධීවර යාත්‍රා දෙකට කෝටි 450ක මත්කුඩු සැපයූ දිලීෂ 3 ධීවර යාත්‍රාව සැකකරුවන් 05ක් සමග අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.