භු විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර ඇති අතර, අධ්යක්ෂ ජනරාල්වරයා අනිවාර්යය නිවාඩු යවා තිබේ.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සිදුව ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ පසුගිය කාලයේදී පැමිණිලි රැසක් ලැබී තිබිණි.
රාජ්‍ය සේවකයින් කැපවීමෙන් සිය සේවාව රට වෙනුවෙන් ඉටුකළ යුතු අතර එසේ නොකර වංචා, දූෂණ සහ අක්රමිකතාවලට සම්බන්ධ වූවන් වහාම ධූරයෙන් ඉවත්කිරීම පසුගිය කාලයේ ද සිදු විය.
එමෙන්ම යම් රාජ්‍ය සේවකයෙක් වංචා, දූෂණ සහ අක්රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබුණහොත් ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කිරීමට ඉදිරියේ දී ද කටයුතු කෙරෙනු ඇත.
මේ ලිපියත් කියවන්න…