බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිසර ආරක්ෂාව ගැන චන්ඩි පාට් දමමින් ලෝකයට පොරටෝක් දෙන ජනාධිපති රටේ පරිසරය රකින හැටි රාසමාණිකකම් ලෝකයට හෙළි කරන්න යයි!

by editor
දෙසැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති වැලි කියුබ් ලක්ෂයක් ගොඩදාන්න බලපත්‍ර සහිත වැලි ජාවාරම් කාරයෙක්… අධ්‍යක්ෂ ජනරාල් දූෂිතයෙක්… පර්මිට් අංක සමග රාසමාණික්කම් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් එහි සභාපතිවරයාටත් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එල්ල කර ඇති පිටු තුනක චෝදනා පත්‍රය සම්බන්ධව ක්‍රියාත්මක නොවන්නේ නම් තමන් අන්තර්ජාතික මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන බවත්, කොප් 27 සමුලුවට ගොස් දකුණු ආසියාවේ පරිසර හානිය ගැන  ලෝකය වටේ රටවල්වලට   තර්ජනය කරමින් පොරටෝක් දෙන ශ්‍රි ලංකාවේ   ජනාධිපතිවරයා තම පරිසර අමාත්‍යාංශයේ ලේකම් වරයා එම අමාත්‍යාංශය යටතේ ඇති දූෂිතම ආයතනයක අධ්‍යක්ෂ ජනරාල්ට  එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධ හෝ ක්‍රියාත්මක නොවන්නේ යැයි  ලෝකයට හෙලි කරන බවත්,  දෙමළ සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් අද (02) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.  

ඔහු ප්‍රකාශ කළේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සත්ජන ද සිල්වාට අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන  පිටු තුනක දූෂණ චෝදනා සහිත වාර්තාව ලැබුණු බව  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ   සභාපතිවරයා හරහා දන්වන ලෙස දැනුම් දී ඇති බවය.

එහෙත් මේ කියන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ   සභාපතිවරයාවන එස‍්.එච්.පී මංජුල යනු ෂාෆි නගර් ප්‍රදේශයේ වැලි කියුබ් ලක්ෂයක් පැටවීම සඳහා බලපත්‍ර ලාභී බිස්නස් කාරයෙක් බව මන්ත්‍රීවරයා ලිපි ලේඛණ සහිතව පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

එහෙම වෙන්නෙ කොහොම ද?. මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ තත්ත්වය මෙය නම් ආයතනය කෙසේ දැයි ජනතාවට සිතාගත හැකි බවත් ඔහු පැවසුවේය.

රාසමාණික්කම් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මගෙ අතේ තියෙන්නෙ භූ විද්‍යා පරීක්ෂණ හා පතල් කාර්යාංශයෙ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  22/11/29 දින යවපු චෝදනා පත්‍රයක්. චෝදනා පත්‍රයට අත්සන් කරලා තියෙන්නෙ පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ.

මේ අධ්‍යක්ෂ ජනරාල්  ඩී.සත්ජනද සිල්වා. ඔහුව පත් කරන්නෙ  එස්එම් චන්ද්‍රසේන ඇමතිවරයාගෙ කාලෙදි තාවකාලිකව. ඔහුගේ වැලි බිස්නස්වලට උදව් කරන්න හිටපු ජනාධිපතිගේ ලේකම්වරයෙක් වූ සුගීෂ්වර බණ්ඩාර එකතු වුනා.

“මේකෙ තියන සුවිශේෂීම කාරණාව කියන්නම්.   මෙම චෝදනා පත්‍රයේ  හත්වෙනි කාරණාවෙදි ලේකම්වරයා කියනවා මෙහෙම. “මෙම චෝදනා පත්‍රය ලැබුණු බව භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා මගින් මා වෙත දන්වා එවන්න. “

මේ සභාපතිවරයා කවුද.

එම ආයතනයේ හිටපු සභාපති තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමය හරහා යෝජනා කළ අනුර වල්පොල.

2022දි පෙබරවාරි මාසයෙදි  කෝප් කමිටුවට භූ විද්‍යා හා පතල් කාර්යාංශය කැඳෙව්වා.  කෝප් එකට එන්න කලින්  අනුර වල්පොල සභාපතිවරයා  අයින් කළා.  අලුත් සභාපතිවරයෙක් පත් කළා. ඔහු තමයි එස්.එච්.පී මංජුල.

එස්.එච්.පී මංජුල කවුද?.  ෂාෆි නරගර් කියලා තියනවා ප්‍රදේශයක්. ඒ ෂාෆි නගර්වල තියනවා වැලි කැණීම් කරන්න පුලුවන්  හෙක්ටරයාර 28ක්. වැලි කියුබ් ලක්ෂයකට වැඩිය ගන්න පුලුවන්.

මේ සභාපති තමයි ඒ වැලි කොන්ත්‍රාත් එකේ ප්‍රධානම පාර්ශවකරුවා.   සභාපතිට තියනවා  අප්ටවුන් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ආයතනයක්.  භූ විද්‍යා පරීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති එස්.එච්.පී මංජුල ෂාෆිනගර්වල  වැලි කියුබ් ලක්ෂයක් පටවන්න පර්මිට් එකක් දාගත්තු පුද්ගලයෙක්.

එයාගෙ පර්මිට් අංකය TDL/B/PM/0351ක.  අප්ටවුන් වෙන්චර්ස් ආයතනය තියෙන්නෙ එයාගෙ  නමට.

කෝප් කිමිටුවෙ මේ ගැන සභාපති මංජුලගෙන් ප්‍රශ්න කරනවා. ඔහු කියනවා මා දැන් අප්ටවුන් වෙන්චර්ස් එකේ නෑ. මම එකේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වුනා කියලා.

එයා අධ්‍යක්ෂ මණ්ලයෙන් ඉවත්වුනාට ඊලඟ පර්මිට් එක තියනවා වැලි ගබඩා කරන්න එයාගෙ නමට. Uptown Ventures /HSB MANJULA/TDL/D/TM/ 0374.  තමයි පර්මිට් අංකය.  ඒ පර්මිට් එක තියනවා නොවැම්බර් මාසෙ  09දා  වෙනකම්. ඒ කියන්නෙ දැනට දවස් තිහකට ආසන්න කාලයක් දක්වා ඔහු වැලි බිස්නස් එකට සම්බන්ධයි.

ගරු ජනාධිපති තුමා කොප් 27ට ගිහින්  පරිසරය හදන හැටි කියනවා. පොරටෝක් දෙනවා පරිසරය හදන්න විදේශික රටවල් සහයෝගය දුන්නෙ නැතිනම් මේකට ඔයගොල්ල වගකියන්න ඕන කියලා.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් තුමා  සභාපති වරයාට ලියුම ලියලා තියෙන්නෙ  මේ අධ්‍යක්ෂ ජනාරල් ගැන ඇක්ෂන් එකක් ගන්න කියලා.

අමාත්‍යතුමා  අමාත්‍යංශය වශයෙන් මේ අධ්‍යක්ෂ ජනාරල්ව වැඩ තහනම් කරන්න. සභාපතිවරයා සම්බන්ධව පරීක්ෂණයක් තියන්න.  දවස් 15ක් දෙන්නම්. එහෙම වැඩක් කරන්නෙ නැනතිනම් මා ජාත්‍යාන්තර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා ලෝකයට කියනවා මේ රටේ වැඩ ගැන.

ජනාධිපතිතුමාට  ලෝකෙ වටේ රටවල්වලට තර්ජනය කරමින් යනවා පරිසර හානියෙ වගකීම ගැන. ලෝකයෙ රටවල් වලට චන්ඩි පාට් දාන ගමන් ලංකාවෙ පරිසර අමාත්‍යාංශයෙ  පරිසර ලේකම් තුමාගෙ නියෝගයක්වත් මේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා මං ලෝකයට කියනවා.

මේ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන් ගොඩක් අයට පර්මිට් තියනවා. ඒක ගැටලුවක් නෑ. ඒත් අපි දූෂණය ගැන කතා කරනවා නම් පහළ ඉඳන් ඉහළට ගිහින් වැඩක් නෑ. ඉහළ ඉඳන් පහළට එමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉදිරි සති කීපය තුළ බිත්තරයක් රුපියල් 80 වේවි… රජයේ පශු වෛද්‍යවරු කියති!

Next Post

විස්සයි 20 ලෝක කුසලානයේ දී කණ්ඩායමේ හැසිරීම සෙවීමට ඇමතිගෙන් කමිටුවක්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.