බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

by editor
ජූනි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

සමස්ත යුරෝපා මහාද්වීපයම  ගිනිගෙන ඇතිවා සේය. දැවුන අතීතයේ මරණීය වාර්තා බිඳ දමමින්  මාරාන්තික උෂ්ණත්ව රැල්ලකට යුරෝපය මේ වන විට මුහුණ දී සිටී. ගත වූ මාස දෙකක කෙටි කාලය තුළ යුරෝපයට බලපෑ දෙවන ප්‍රධාන උෂ්ණත්ව රැල්ල මෙයය.  දැන්  විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ මෙය ඉදිරියේදී පැමිණීමට නියමිත දරුණුතම දේශගුණික අර්බුදයක පෙරනිමිත්තක් පමණක් බවය. අධික තාපය හේතුවෙන් පොදු යටිතල පහසුකම් අකර්මණ්‍ය වෙමින් පවතී.  රෝහල් පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව ඇත. මෙම දේශගුණික ව්‍යසනයේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ මරණය ය. අවසානයේ  අහිංසක මිනිස් ජීවිත රැසක් මහද්වීපයට අහිමි වීමට නියමිතය.

ප්‍රංශය දරුණුතම කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි

දැනට පවතින තත්ත්වය අනුව මෙම උෂ්ණත්ව රැල්ලේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ප්‍රංශය ය. පසුගිය දිනෙක ප්‍රංශ ඉතිහාසයේ වාර්තා වූ උණුසුම්ම දිනය සනිටුහන් කරමින් එරට ජාතික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.8ක් (ෆැරන්හයිට් 85.6ක්) ලෙස වාර්තා විය. මෙය මීට පෙර 2019 වසරේ තබා තිබූ වාර්තාව ද අභිබවා යාමකි. ඇතැම් ප්‍රංශ නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 (ෆැරන්හයිට් 111) සීමාව ද ඉක්මවූයේය.

මෙම දැඩි උණුසුම මේ වන විට මිනිස් ජීවිත බිලිගනිමින් පවතී. ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකොර්නු ප්‍රකාශ කළේ ජූනි 18 වැනිදායින් පසු පුද්ගලයන් 40 දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බවයි. ඉන් බහුතරය අධික උෂ්ණත්වයෙන් බේරීම සඳහා ගංගා, ඇල මාර්ග සහ මුහුදට පැන පිහිනීමට උත්සාහ කළ තරුණ තරුණියන්ය. අග්‍රාමාත්‍යවරයා මෙම ඛේදජනක දියේ ගිලීම් මාලාව හඳුන්වා දුන්නේ “බිහිසුණු ව්‍යසනයක්” ලෙසය.

2026 ජුනි 20 වන දින ස්පාඤ්ඤයේ පල්මා ඩි මැලෝර්කා හි සෙල්සියස් අංශක 42 (ෆැරන්හයිට් 107.6) ක උෂ්ණත්වයක්…

සැඟවුණු මරණ සහ සෞඛ්‍ය අවදානම

උෂ්ණත්වයේ දරුණුකම මෙතෙකින් නැවතී නැත. බෝඩෝ (Bordeaux) නගරය ආශ්‍රිතව අධික උණුසුම නිසා ඇති වූ සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් වයෝවෘද්ධ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේය. වඩාත්ම කනගාටුදායක පුවත වාර්තා වූයේ දකුණු ප්‍රංශයෙනි. එහිදී අවුරුදු දෙකක් සහ හතරක් වයසැති කුඩා දරුවන් දෙදෙනෙකු අධික ලෙස රත් වූ මෝටර් රථයක් තුළ සිරවී මියගොස් සිටියදී සොයාගැනිණි.

මේවා හුදකලා සිදුවීම් නොවේ.  මේ වනවිට මෙම තාප තරංග මවන  අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති වන විජලනය, වත්සුන් වීම (Heat Exhaustion), ආඝාතය (Heat Stroke) මෙන්ම හෘද රෝග, ශ්වසන ආබාධ සහ දියවැඩියාව වැනි නිදන්ගත රෝග උත්සන්න කිරීම මඟින්   නිහඬවම දහස් සංඛ්‍යාත ජනතාවක් රෝගීන් බවට පත් කරමින් හෝ මරණයට පත් කරමින් සිටී.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

බ්‍රිතාන්‍යය සහ ස්පාඤ්ඤය ද දියවී යන ලකුණු

එක්සත් රාජධානියේ ද තත්ත්වය යහපත් නැත. මීට පෙර ජූනි මාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 35.6 (ෆැරන්හයිට් 96.08) සීමාව තවත් අංශක 6කින් පමණ ඉහළ යනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කරයි. බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලය (Met Office) විසින් ඉතිහාසයේ කලාතුරකින් නිකුත් කරනු ලබන, ජීවිත අවදානම පවා පෙන්නුම් කරන “රතු නිවේදනයක්” (Red Warning) නිකුත් කර තිබේ.

මේ හේතුවෙන් පාසල් සිය ගණනක් වසා දමා හෝ අර්ධ දින සේවා බවට පත් කර ඇත. දුම්රිය මාර්ග අධික තාපයට ඇඹරී යාමේ අවදානමක් පවතින බැවින් දුම්රිය ගමන් බිමන්වලින් වළකින ලෙස ජනතාවට උපදෙස් දී තිබේ. බලශක්ති සහ ජල සැපයුම් පද්ධතීන් පවතින්නේ දැඩි පීඩනයකය. ලන්ඩන් නුවරදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් කෙටි වැකියකින් තත්ත්වය පැහැදිලි කළේය: “ලන්ඩනය තැම්බෙමින් පවතිනවා.”

තවද, ස්පාඤ්ඤයට ද මෙයින් දැඩි බලපෑම් එල්ල වී ඇත. දකුණු දිග අන්ඩුජාර් (Andújar) නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 (ෆැරන්හයිට් 113) ඉක්මවා ගියේය. සමස්ත රටම පාහේ දැඩි උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීම් යටතේ පවතී. සමස්තයක් ලෙස යුරෝපීය රටවල් 23ක් සඳහා උෂ්ණත්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය සහ ලක්සම්බර්ග් යන රටවල් පහක් පවතින්නේ ඉහළම අවදානම් මට්ටම වන රතු නිවේදන යටතේය.

යුරෝපයේ අධික තාප අනතුරු ඇඟවීම: ජුනි මාසයේ ප්‍රංශය 45°C දක්වා ඉහළ යයි, එක්සත් රාජධානියේ ඇස්තමේන්තුගත උෂ්ණත්වය 40°C

මෙවැනි දරුණු උෂ්ණත්ව රැල්ලකට හේතුව කුමක්ද?

මේ සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ “තාප ගෝලාර්ධයක්” (Heat Dome) ලෙස හැඳින්වෙන, බඳුනක් පියනකින් වැසු විට ඇතිවන තත්ත්වය ආකාරයෙන් ක්‍රියා කරන   දැවැන්ත අධි පීඩන කලාපයක් යුරෝපයට ඉහළින් රැඳී තිබීමය. මේ මඟින් උණුසුම් වාතය පොළොව මතුපිට රඳවා තබා ගන්නා අතර සිසිල් වාතය ඇතුළු වීම වළක්වයි. ගිම්හාන කාලයේදී මෙවැනි තත්ත්වයන් සාමාන්‍ය වුවත්, මේ තුළ පවතින අධික උෂ්ණත්වය නම් කිසිසේත් සාමාන්‍ය නැත.

ගල් අඟුරු, තෙල් සහ ස්වභාවික වායුව වැනි පොසිල ඉන්ධන දහනය කිරීම නිසා මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයන් පෘථිවියේ පසුබිම් උෂ්ණත්වය ඉහළ නංවා ඇත. එමඟින් සෑම උෂ්ණත්ව රැල්ලක්ම පෙරට වඩා තීව්‍ර හා භයානක මට්ටමකට පත් කර තිබේ. පසුගිය කාලයේ පැසිෆික් සාගරයේ ඇති වූ “එල් නිනෝ” (El Niño) තත්ත්වය ඉදිරි වසරවලදී මෙයට තවත් තාපය එකතු කළ හැකි වුවද, වත්මන් උෂ්ණත්ව රැල්ලට ඉන් එතරම් බලපෑමක් නැති බව විද්‍යාඥයෝ පවසති. ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රීඩ්රිකේ ඔටෝ පවසන්නේ, “ඔව්, මේක දේශගුණික විපර්යාසය තමයි. මේක කළේ අපිමයි. හැබැයි මේකට එල් නිනෝ පළි නැහැ” යනුවෙනි.

ලෝකයේ අනෙක් මහද්වීපවලට වඩා දෙතුන් ගුණයක වේගයකින් යුරෝපය උණුසුම් වෙමින් පවතී. යුරෝපයේ ඇතැම් කොටස් ආක්ටික් කලාපයට මායිම්ව පිහිටා ඇති අතර, එහි පවතින අයිස් දියවීම නිසා භයානක චක්‍රීය ක්‍රියාවලියක් (Feedback Loop) නිර්මාණය වේ. අයිස් තට්ටු අඩු වන විට, අඳුරු පෘෂ්ඨයන් මඟින් වැඩි සූර්යාලෝකයක් අවශෝෂණය කරගන්නා අතර එය උණුසුම් වීම තවත් වේගවත් කරයි. උත්ප්‍රාසාත්මක කරුණ නම්, වායු දූෂණය අවම කිරීම සඳහා ගෙන ආ සාර්ථක නීති නිසා සූර්යාලෝකය පෘථිවියෙන් ඉවතට පරාවර්තනය කළ කුඩා අංශු වායුගෝලයෙන් ඉවත් වීම ද මෙම උණුසුම වැඩි වීමට වක්‍රව දායක වීමය.

යුරෝපය මෙතරම් අසරණ වූයේ ඇයි?

යුරෝපීය නිවෙස්වලින් වායුසමීකරණ (Air Conditioning) පහසුකම් පවතින්නේ 20%කටත් වඩා අඩු ප්‍රමාණයක පමණි. එරට ගොඩනැඟිලි බොහොමයක් සැලසුම් කර ඇත්තේ ශීත ඍතුවේදී තාපය ඇතුළත රඳවා ගැනීමට මිස, ගිම්හානයේදී තාපය පිට කිරීමට නොවේ. රාත්‍රී කාලයේදී පවා උෂ්ණත්වය පහළ නොයන බැවින් දිනෙන් දින නිවෙස් තුළ තාපය ගොඩගැසෙයි. තනිවම ජීවත් වන වයෝවෘද්ධ ජනතාවට මෙයින් මිදීමට මඟක් නැත. ඔවුන්ගේ ශරීරවලට නිසි ලෙස සිසිල් වීමට අවස්ථාවක් නොලැබේ.

මෙය ශරීරය වෙහෙසට පත් කර අවසානයේදී ජීවිතයට තර්ජනයක් වන “තාප ආඝාතය” (Heat Stroke) දක්වා වර්ධනය විය හැකිය. අධික උණුසුම හදවතට සහ පෙනහැල්ලට දැඩි බලපෑමක් එල්ල කරන බැවින් හෘදයාබාධ සහ ශ්වසන අපහසුතා ඇති කරයි. “මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි, මේක මහා විනාශයක ආරම්භය විතරයි” යනුවෙන් ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි දැඩි සත්කාර පිළිබඳ විශේෂඥ මහාචාර්ය හියු මොන්ට්ගොමරි අනතුරු අඟවයි. මේනූත් විශ්වවිද්‍යාලයේ පීටර් තෝර්න් මෙම වාර්තාගත උෂ්ණත්වය හඳුන්වා දුන්නේ “සම්පූර්ණ උමතුවක්” ලෙසයි.

2026 ජුනි 22 වන දින ප්‍රංශය තාප තරංගයකට මුහුණ දෙන විට බෝඩෝ නගරයේ විවෘත කරන ලද හදිසි තාප තරංග සහන මධ්‍යස්ථානයක කඳවුරු ඇඳක් මත වාඩි වී සිටින තරුණයෙක්…

ඉදිරියට කුමක් සිදුවේද? ශ්‍රී ලංකාවට ඇති පාඩම

විද්‍යාඥයන් පවසන්නේ ඉදිරි මාස තුන ද අසාමාන්‍ය ලෙස උණුසුම් වනු ඇති බවය. අප විසින්ම නිර්මාණය කරන ලද මෙම දේශගුණයට හැඩගැසීමට යුරෝපය හෝ ලෝකය තවමත් අපොහොසත් වී ඇත. “දේශගුණික විපර්යාසයන් ඉදිරියේ ලෝකයේ කිසිදු ස්ථානයක් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නැහැ,” මහාචාර්ය තෝර්න් පවසයි.

කඩිනම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, නගර හරිතකරණය, ගොඩනැඟිලි සැලසුම් වෙනස් කිරීම සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම දැන් අත්‍යවශ්‍ය වී තිබේ. එහෙත් හරිතාගාර වායු විමෝචනය සීඝ්‍රයෙන් අඩු නොකළහොත්, මෙම උෂ්ණත්ව රැලි තව තවත් දරුණු හා මාරාන්තික වනු ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම යුරෝපීය උෂ්ණත්ව රැල්ල, දැනටමත් දිනෙන් දින ඉහළ යන උෂ්ණත්වයකට සහ අන්තගාමී කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙන ශ්‍රී ලංකාව වැනි රටවලට ද දරුණු අනතුරු ඇඟවීමකි. දේශගුණික අර්බුදයට දේශසීමා නොමැත. එබැවින්, මේ සඳහා ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද ක්‍රියාත්මක වීමට ඇති කාලය එළඹ ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.