බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

by editor
ජූලි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සමකට අදාළව මැදිහත්කාර පෙත්සමක් (Intervening Petition) ඉදිරිපත් කිරීමට කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පියවර ගෙන තිබේ.

2019 වසරේ සිදු වූ බිහිසුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකරන පුළුල් විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලෙයි විසින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.

කාදිනල් හිමිපාණන් සිය මැදිහත්කාර පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, මෙම නඩු විභාගයට පාර්ශ්වකරුවකු ලෙස මැදිහත් වීමට සහ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට අවසර ලබා දෙන ලෙසයි. එසේම, සුරේෂ් සලෙයි විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට නොගෙන සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලෙස ද උන්වහන්සේ අධිකරණයෙන් අයැද සිටිති. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට පවත්වන විමර්ශන ක්‍රියාවලියට මෙම පෙත්සම හරහා බාධාකාරී බලපෑමක් එල්ල විය හැකි බව කාදිනල් හිමිපාණන් සිය පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සහ ඊට අදාළව ගොනු කර ඇති (සුරේෂ් සලෙයිට සහය දක්වන පෙත්සම් ද ඇතුළුව) සෙසු මැදිහත්කාර පෙත්සම් කිහිපයක් ජූලි 17 වනදා සලකා බැලීමට නියමිතව තිබේ.

සිද්ධියේ පසුබිම

250කට අධික අහිංසක මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලිගනිමින් සහ විශාල පිරිසකට බරපතළ තුවාල සිදු කරමින් 2019 වසරේදී එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ සුරේෂ් සලෙයිට චෝදනා එල්ල විය. බුද්ධි තොරතුරු නොසලකා හැරීම, විමර්ශන ක්‍රියාවලීන් නොමඟ යැවීම සහ ප්‍රහාරයට සම්බන්ධ වෙනත් පාර්ශ්වයන් සමඟ පැවති සබඳතා පිළිබඳව එල්ල වූ සාක්ෂි මත පදනම්ව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2026 පෙබරවාරි මාසයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලබයි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කෙසේ වෙතත්, සුරේෂ් සලෙයිගේ නීතිඥ කණ්ඩායම මීට පෙර අධිකරණයේදී තර්ක කර තිබුණේ ජාත්‍යන්තර විමර්ශන ක්‍රියාවලීන් හරහා ඔහු මෙම ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බවට වූ චෝදනාවලින් නිදහස් කර ඇති බවයි. මේ අතර, බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ලේඛකයින් සහ තවත් පාර්ශ්ව කිහිපයක් සලෙයිගේ පෙත්සමට සහය පළ කරමින් හෝ ඊට මැදිහත් වෙමින් අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සහ ඔවුන්ට සාධාරණය ඉටුකර ගැනීම වෙනුවෙන් ආරම්භයේ සිටම දැඩි ස්ථාවරයක සිටිමින් හඬ නැඟූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සැමවිටම අවධාරණය කළේ මේ පිළිබඳව කිසිදු පාර්ශ්වීය බලපෑමකින් තොර පූර්ණ සහ විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී විමර්ශනයක් අත්‍යවශ්‍ය බවයි. කතෝලික සභාව සහ විපතට පත් වූවන්ගේ පවුල් දිගින් දිගටම පෙන්වා දෙන්නේ පවතින විමර්ශන අඩපණ කිරීමට හෝ විවිධ නීතිමය උපක්‍රම හරහා ඒවා අභියෝගයට ලක් කිරීමට ගන්නා උත්සාහයන් හේතුවෙන් වින්දිතයන්ට යුක්තිය ඉටු වීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.