කීර්ති ප්‍රනාන්දු –
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට ( 2022 දෙසැම්බර් 9 දා සිකුරාදා) සියලුම රජයේ සහ රජයේ අරමුදල් ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වායු දූෂිත තත්ත්වය සමග ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.