දිනසේන රතුගමගේ –
දෙමළ තරුණයින්ට වයස අවුරුදු දාසයේදී දෙමළ භාෂාවෙන් හා දෙමළ පුහුණුකරුවන් ලවා යුද පුහුණුව ලබා දීමට කටයුතු කරන්නේ නම් සරත් වීරසේකර අමාත්‍යවරයාගේ යෝජනාවට තම සහය ලබා දෙන බව සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයා ඊයේ 30 දා යාපනයේදී පැවසීය.
මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක් වූ විග්නේස්වරන් මන්ත්‍රීවරයා කියා සිටියේ සරත් වීරසේකර අමාත්‍යවරයා වයස අවුරුදු 18 න් ඉහල සියළුම දෙනාට යුද පුහුණුවක් ලබා දීමට සූදානම් යෝජනාවක් ඉදිරිපත් කළද එය දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ට ගැලපෙන පරිදි වෙනස් විය යුතුව ඇති බවයි.
ශ්‍රී ලංකාවේ දෙමළ තරුණ තරුණියන්ට දෙමළ භාෂාවෙන් දෙමළ විධාන ඇතුළත්ව යුද පුහුණුවක් ලබා දීමට පුහුණුකරුවන් නොමැතිනම් ඔවුන්ව දකුණු ඉන්දියාවෙන් ඉතා පහසුවෙන් සපයා ගත හැකි බව කී විග්නේස්වරන් මන්ත්‍රීවරයා එසේ යුද පුහුණුව ලබන දෙමළ තරුණ තරුණියන් ශ්‍රී ලංකා යුද හමුදාවට පිරිස් බලය අඩු වන විට වැටුපක් යටතේ සේවයට යෙදිය හැකි බවද ප්‍රකාශ කළේය.
තමන් රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය භටයෙකු ලෙස කටයුතු කරණ කාලයේදී 1956 වසරේ රජය විසින් ඉදිරිපත් කරන ලද සිංහල භාෂා පනත නිසා 1958 වසරේ ජාතික නිදහස් සමරු උළෙල නියෝජනය කිරීමෙන් වැළකී සිටි බව ද විග්නේස්වරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.