බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රී කුණාමලයේ සිද්ධිය – පොලිසියෙන් පැන බලෙන් රැගෙන ප්‍රතිමාවහන්සේ පොලිසිය විසින්ම හේවිසි බෙර ගසමින් යළිත් පන්සලට වැඩම කරවයි…

by editor
නොවැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සමන් මල්ලවආරච්චි –

  • පොරොන්දු ගොඩයි… පන්සලේ භූමිය මැන නිරවුල් කර දීමටත් එතෙක් කිසිම ඉදිකිරිමක් ඉවත් නොකිරීමටත් ආණ්ඩුවෙන් ප්‍රතිඥාවක්….

ත්‍රී කුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධි රාජ විහාරයට ඇතුළු පොලිසිය විසින් රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව අද පොලිසිය විසින්ම නැවත පන්සල වෙත වැඩම කරවනු ලැබීමත් සමග ත්‍රී කුණාමලය බුද්ධ ප්‍රතිමා සිද්ධිය නිමාවට පත් වූයේය.

ප්‍රතිමා වහන්සේ වැඩම කරවනු ලැබුවේ හේවිසි බෙර සහිත ශබ්ද පූජාවක් ද සහිතවය. මේ දැක්වෙන්නේ ප්‍රතිමාවහන්සේ වැඩම කළ ආකාරය ය.

එමෙන්ම අද පොලිසිය පරිපාලන අංශ සහ මහා සංඝයා අතර ඇති වු සාකච්ඡාවකින් අනතුරුව පූජා භූමි ඔප්පුවට අදාල මෙතෙක් නිශ්චිතව වෙන් නොවුන පර්චස් හතලිහක ඉඩම මැන සලකුණු කර වෙන් කිරීමටත්, එම සැලැස්ම අනුමත කර දීමටත්, ඒ කාර්ය සිදුවන තුරු කිසිම ඉදිකිරීමක් ඉවත් නොකිරීමටත් දේශපාලන අධිකාරිය සංඝයා වහන්සේ වෙත සහතික වී තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම ප්‍රතිමාවහන්සේ පොලිසිය විසින් රැගෙන යන්නේ කම්බි වැට කපා ඇතුළු වී බලහත්කාරයෙනි. එහිදී බුද්ධ ප්‍රතිමාවහන්සේ වෙත ඔසවා තිබූ මුතු කුඩය කඩා දමන අතර පොලිසියෙන් බුදු පිළිමය රැක ගන්නට උත්සාහ කරන හිමිවරුන්ට පහර දෙන ආකාරය ද කැමරාවල සටහන්ව තිබිණි. මේ ප්‍රතිමාවහන්සේ පැහැර ගෙන ගිය ආකාරය ය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කෙසේ වෙතත් අද ( 17)  අද උදේ පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තුව වෙත විශේෂ පැහැදිලි කිරීමක් කළ පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ මෙම බුද්ධ ප්‍රතිමාවහන්සේ ඊයේ උදෑසන තැන්පත් කිරීමෙන් අනතුරුව එම ප්‍රතිමාවහන්සේට ප්‍රහාරයක් එල්ල කිරීමට වූ සැලසුමක් සම්බන්ධව බුද්ධි තොරතුරු පොලිසිය ලැබුණ බැවින් පොලිසිය විසින් එම ස්ථානයෙන් ප්‍රතිමාවහන්සේ රැගෙන ගිය බවය.

කෙසේ වෙතත් ඇමතිවරයා පාර්ලිමේන්තුවට කීවේ අද දිනය තුළ ප්‍රතිමාවහන්සේ නැවත එම ස්ථානයටම වැඩමවා ආරක්ෂාව තර කරන බවය.

ප්‍රතිමාවහන්සේ වැඩම කරවා ත්‍රී කුණාමලයේ වැඩ වාසය කරන සංඝයාවහන්සේ අභිමුව පැහැදිලි කිරීමක් කළ නායක හාමුදුරුවන්වහන්සේ ප්‍රකාශ කළේ ප්‍රශ්නය දැන් විසඳා ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බංගලාදේශ හිටපු අගමැතිනි ශෙයික් හසීනාට සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සාමාන්ට මරණ දඬුවම…

Next Post

ඖෂධ වර්ග 350කට පාලන මිලක් ක්‍රියාත්මකයි… වැඩි මිලට ඖෂධ විකුණන අලෙවිකරුවන් ගැන ඔබත් දැනුම් දෙන්න… ඖෂධ නියාමන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.