උතුරේ ඩෙල්ෆ්, නයනතිව් සහ අනලතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබී චීනය විසින් අතහැර දැමූ විදුලි ව්‍යාපෘති ඉන්දියාවට ලබා දීමේ තීරණයක් මේ වනතෙක් ගෙන නැතැයි කැබිනට් සම-ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියාසිටියේ මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“චීන තානාපතිවරයා පවා ප්‍රකාශ කර තිබූ පරිදි පොහොර ගැටලුව දෙරටේ අන්‍යෝන්‍ය මිත්‍රත්වයට, තානාපති සබඳතාවලට කිසිදු ගැටලුවක් ඇති නොවන කාරණයක් කියලා එය වෙළඳ හා සම්බන්ධ ගැටලුවක් පමණක් බවත්. ඒ හා සම්බන්ධ තීන්දුව අදාළ පාර්ශ්ව අතර ගනුදෙනුවක් පමණක් හැටියටයි සිදුවන්නේ. එබැවින් එම ව්‍යාපෘති ඉන්දියාවට දෙන බවට කිසිදු අමාත්‍ය මණ්ඩල තීරණයක් මේ වන තෙක් අරගෙන නැහැ.” යනවද අමාත්‍යවරයා කීය.