අවුරුදු 40 අඩු පිරිස් පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ප්‍රතික්ෂේප කරන බවත්, වයස අවුරුදු 30ට අඩු පිරිස් අප දෙස ඇසක් ඇර බලන්නේ නැති බවත් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ ඇත්තේ පක්ෂ ලෙස බෙදී ඇණකොටාගෙන බේරාගත යුතු අර්බුදයක් නොවන බැවින් ඉල්ලා සිටින කරුණු නොසඟවා ඉදිරිපත් කරන්නැයි කීවේය.
මෙතැනින් රට බිඳවැටුනොත් යළි ගොඩගත හැකි නොවන බැව අවබෝධ කරගන්නා ලෙස කියා සිටියේය.
මේ අවස්ථාවෙ දී වාසුදේව නානායක්කාර ඇමතිවරයා තමන්ව ජනතාවට එපා වී නැතැයි කී විට එජාප නායක රනිල් වික්‍රමසිංහ කීවේ “වාසුදේව ඇමති තුමා හැර අනෙක් 223 “ ජනතාවට එපා වී ඇති බවය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසුවේය.
“ගිය සතියට කලින් සතියේ එදා තිබුණු විදේශ විනියම සංචිතය තොරතුරු ගැන අපි විමසුවා. එය එදාම භර දෙන්නම් කිව්වාම මම කීවා සඳුදා කියන්න, එදාම දෙන්න එපා කියලා. “
“ඒත් පාර්ලිමේන්තුවට අදත් ඉදිරිපත් නොකළ කරුණු ටික ඉන්දියාවට ගිහින් කියලා තියනවා. අයි.එම්.එෆ් එකට කියලා තියනවා. ඇයි අපට කියන්නෙ නැත්තේ. මූල්‍ය පාලනය තියෙන්නෙ මේ සභාවට.
මේක වරප්‍රසාද කඩ කිරීමක්. සිකුරාදා මුදල් අමාත්‍යාංශ සාකච්ඡාවට ගියාම අපට ඒ දත්ත තියෙන්න ඕන.
“මේක පක්ෂ අතර තියන ප්‍රශ්නයක් නෙමෙයි. රට මුහුණ දෙන උග්‍රම ආර්ථික ප්රශ්නය ඇති අවස්ථාවෙ අපි ඉන්නෙ. අපි කොහොමද මෙතැනින් එන්නෙ. ජනතාවට මොකක්ද කියන්නෙ. ජනතාවට ඒ පැත්තත් එපා වෙලා. මේ පැත්තත් එපා වෙලා. අපි ඔක්කොටම බනිනවා.
අමාත්‍ය වාසුදේව නානායක්කාර – අපට නම් බනින්නෙ නෑ..
හරි… වාසුදේව ඇමතිතුමාට හැර අනික් ඔක්කොටම 223ටම බනිනවා.
ඒ නිසා මේක මතක තියාගන්න.
අවුරුදු 40ට අඩු අය අප ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු 30ට අඩු අය අපි දිහා බලන්නෙවත් නෑ. අපි දැකලා තියනවා ඔන්ලයින්වල තියෙන්නෙ මොකක්ද කියලා. එහෙම උග්‍ර අවස්ථාවක් තියෙන්නෙ.
පාර්ලිමේන්තුව ගැන විශ්වාසය නැතිවුනොත් රටේ තියන ක්‍රමය කැඩෙනවා. ඒකයි මම කියන්නේ… අපි අවුරුදු 20කට යන්න පුලුවන් මූලික ප්රතිපත්තියකට එකඟවෙමු. ඒ ප්‍රතිපත්තිය ඇතුලෙ අපි මැතිවරණ තරග කරමු. පුලුවන් වෙලාවට අපි එක තැනකට එමු. අපේ තරුණ පරපුරට අනාගතයක් තියෙන්න ඕන. ඒකයි මේ තරුණයො රට යන්න හදන්නේ.
අගමැති තුමත් කිව්වා චිත්‍ර ඇඳපු අය රට යනවා කියලා. මේ තත්වය දැනගෙන වැඩකරමු.
මම කරුණු ටික ඉල්ලුවෙ ඒකයි. මෙතන තියනවා විශාල ප්‍රශ්නක්. ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. කරුණු ඔක්කොම දැනගැනීම වැදගත්.
අපි මෙතනින් වැටුනොත් ලේසියකින් ගොඩ ගන්න බෑ, ඒක මතක තියාගන්න. ජනතාව ඉන්නෙ එක මතයක. අපි ඒ මතයට ඇවිත් ඊට පිළිතුරු දෙන්න ඕන. මා කියන්නෙ එයයි.