පාකිස්තානයේ සියල්කොට් නගරයේදී පසුගිය සිකුරාදා (03) සාහසික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක් පරිත්‍යාගයක් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාශයේ සේවක සුබසාධක අරමුදල මගින් එම ලක්ෂ 25ක මුදල ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇක.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අදාළ යෝජනාව ඉදිරිපත්කර තිබුණි.







