කොවිඩ් මර්දන එන්නත ලබා නොගන්නා රජයේ සේවකයින් ආසාදිතයින් බවට පත් වුවහොත් ඔවුන්ට වැටුප් සහිත නිවාඩු අනුමත නොකිරිම කෙරෙහි අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
කොවිඩ් මර්දන එන්නත ලබා ගත් රජයේ සේවකයින් අතර එන්නත ලබා නොගත් සේවයින් යම් හේතුවකින් ආසාදිතයින් බවට පත් වුවහොත් ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමේදී ඔවුනගේ පෞද්ගලික නිවාඩුවලින් එය අඩුකරගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.
එන්නත ලබා ගත් පුද්ගලයින්ගේ ආරක්ෂාවද එන්නත ලබා නොගත් පුද්ගලයින් විසින් නැති කර දැමීමට අයිතියක් නොමැති බවද ඔහු පැවසීය.
තවද එන්නත ලබා නොගත් පුද්ගලයින් සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණයන් ගැනීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.
කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා කරන මේ වක්‍ර බලපෑම සම්බන්ධව කළ විමසීමක දී එන්නත ලබා නොගන්නා පුද්ගලයින්ට බලෙයන් එන්නත ලබා දීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කීවේය.
එන්නත ලබා නොගත් පුද්ගලයින් සොයා ගොස් ඔවුන් එන්නත ලබා නොගන්නේ ඇයිද යන්න පිලිබඳව කරුණු විමසා බලා එන්නත ලබා ගැනීම සදහා වන දැනුවත් කිරීම් පමණක් කළ හැකි බවත් එම දැනුවත් කිරිම් මේ වන විටත් ආරම්භ කර ඇතැයිද ඔහු සදහන් කළේය.
කෙසේ නමුත් එන්නත ලබා නොගැනීම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් සෞඛ්‍ය හේතු පවතින බවත් එවැනි පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලා එන්නත ලබා නොදීමට හෝ දීම සෞඛ්‍ය අංශ මගින් තීරණය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.