බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රටේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලයට මාසයක් ඉවරයි… දැලිවල නායක හාමුදුරුවන්ට ප්‍රශ්න 14ක්….

by editor
මාර්තු 14, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

මෑත  ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලය සිදුවී මාසයක් ගත වී ඇත.  රඹුක්කන දැලිවල කොටවෙහෙරේ ධාතු මන්දිරය බිඳ පසුගිය මස 11 වැනිදා මේ කොල්ලකරුවෝ     ලෝකයේ පැවති අති දුර්ලභ කෞතුක වස්තූන් සමූහයක් කොල්ල කෑහ.  ඒ ඓතිහාසික උරුමය  මේ රටේ ඕනෑම භෞතික දෙපලකට සම කිරීමට තබා අලගු තැබීමටවත් හැකියාවක් තිබුණේ නැති බව අපි විශ්වාස කරමු.

දැළිවලදී කොල්ල කෑ ඒ  මිල කළ නොහැකි කරඬු ආකෘති  මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි  දෙවන පෑතිස් රජුගේ ලෝකුරුවන් විසින් කළ බවත්,  අවුරුදු දෙදහස් තුන්සියයක් නිසැකවම පැරණි බවත්,  ඓතිහාසික සාධකවලින් ද   විද්‍යාත්මක විධි නියමයන්ගෙන් ද සාධනය කර තිබිණි. ඒ බව ශාස්ත්‍රීයව තහවුරු කළ ලේඛන ගණනාවක් ද කොල්ල කෑමෙන් පසු පල විය.

කොල්ල කෑ කරඬු අතර රන් කරඬු හතක්, පළිඟු කරඬු තුනක් වේ. ලෝකයේ හොඳින්ම සුරක්ෂිතව  පැවති පෞරාණිකම දාගැබ් ආකෘතිය සහිත කරඬුවත්   කොල්ලකරුවන් විසින් සොරාගෙන තිබිණි. එහෙත් එකෙකුටවත් වගක් නැත.

සමස්ථයක් ලෙස  අප දකිමින් ඉන්නේ දේශපාලන බැලයෙක්වී සිය විද්වත් වෘත්තිකත්වය නන්ත්තාරේ යවා ඇති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකි. ඔහුගේ රාජකාරි නපුසංක භාවය තුළ     පරිපාලනයේ  ඉහළ සිට පහළටම  සිටිනවුනුත්, සිංහයින් සේ මෙතෙක් “පොර ටෝක් දුන්“  සිඟාල දේශපාලනයත් ගංජා ගැසූවන් සේ නිර්වින්දිතය. මේ දේශපාලන ගොළුවත ස්වරූපය කරඬු ටික කොතැන ඇතිදැයි අමුතුවෙන් සිතන්නට අපව පොළඹවන්නේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජාතිය, ආගම මෙන්ම දේශානුරාගය ද අවලමේ යවා කරඬු සේ වඩම්මාගෙන රටේ පාලනය බාර දී ඇත්තේ   නොම්බර එකේ පිංගුත්තරයන් ටිකකට බව යළිත් තහවුරු වී ඇත.

විමර්ශන අංශවලට උත්තර නැද්ද?

සිදුවෙමින් ඇත්තේ මේ රටේ නෛතික රාජකාරි රාමුව තුළ ක්‍රියාත්මකවන ආරක්ෂක අංශ අතින් සිදුනොවන තරමේ අභව්‍ය සිදුවීමකි. අපට සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල කර දෙපැයක් තුළ අපරාධකරුවන් හෙළි දරව් කරගෙන නිවෙස්වෙත ගොස් අත්අඩංගුවට ගැනීමට හැකි ඉවක්, ඤාණයක් දැනුමක් සහිත පොලිසියකි. අවුරුදු තිහක් තිස්සේ ලෝකයේ සිටි බිහිසුණුම ත්‍රස්තවාදී සටන් කරුවන් සමග තීක්ෂණ බුද්ධි සංග්‍රාමයක් කර රාජ්‍යයක් ආරක්ෂා කළ විද්‍යාත්මක ඤාණයක් සහ ඉවක් සහිත විශිෂ්ට අපරාධ විමර්ශන සංවිධානයකි.

පුරාවස්තු කොල්ලය සිදුවී මාසයකි.  මේ වනවිටත්  ඔවුන් අපරාධය සිදුකළ භූමියේ ය. අප දන්නා පරිදි මේ විමර්ශනය සඳහා යොදවා ඉන්නේ “ලොන්ත පොලොස් ලොසා ලා“ නොව, රටේ භාෂාවෙන් වැඩ්ඩන්ය. ඔවුන් යොදවනු ලැබුවේ පොලිස්පති නියමයෙන්ය.  මාසයක් ගතවූ පසුත්  ඔවුන්ට  මේ විමර්ශනයේ සාධනීය ප්‍රගතියක් පෙන්වීමට බැරි වී ඇති නම්,    තවමත් එක් අපරාධකරුවෙක් හෝ අත්අඩංගුවට ගෙන නැතිනම්, ජාති අන්ධයෙකුට වුවත්    පෙනෙමින් ඇති සිදුවීම් පෙළක මුල මැද අග ගැට ගසා ගත නොහී මේ විමර්ශන නිලධාරීන් එක තැනක සිර වී ඇතිනම්,  තේරුම්ගත යුත්තේ ප්‍රශ්නය ඇත්තේ වෙන  තැනක බවය.

එබැවින් මෙතෙක් ඔය විමර්ශන නිලධාරීන් විමසුවාදැයි අප දන්නේ නැති එහෙත් රටේ පුරවැසියන් ලෙස ඇසිය යුතුම යැයි අපට සිතෙන ප්‍රශ්න ටිකක්  දැලිවල කොටවෙහෙර පන්සලේ විහාරාධිපති ධුරය දරන   පුස්සැල්ලේ අරියවංශ හාමුදුරුවන්ගෙන්  අසමු.

දැන් ඔබ ඔය චීවරයේ ගෞරවය රැකගෙන අපට මේ  සඳහා පිළිතුරු ලබා දිය යුතුය.  ජාතික වශයෙන් ආරක්ෂා කරගත හැකි තැනක මේ පුරාවස්තු  තබන්නට  නොදී    බලහත් කාරයෙන් තමන් සන්තකයේ තබාගෙන මේ විනාශය මූලිකවම නිර්මාණය කිරීමේ නිශ්චිත වගකීම ඔබ සතු බැවිනි.

  1. බෞද්ධ ලෝකයෙනුත් සඟවාගෙන උක්ත පෞරාණික කරඬුව ඇතුළු පුරාවස්තු පන්සලේ තබා ගත්තේත්,  ජාතික වශයෙන් ආරක්ෂාව සැලසිය හැකි භූමියකට එම පෞරාණික උරුමය රැගෙන යන්නට හැදූ සෑම අවස්ථාවකම මරාගෙන මැරෙන්නට ගොස් ඔබ ඒවා තමන් සන්තකයේම තබා ගත්තේත් ඇයි?
  2. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම පුරාවස්තු තැන්පත් කිරීම සඳහා රජයේ වියදමින් ආරක්ෂිත සේප්පු දෙකක් ලබා දී තිබිය දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  කිසිම බලය ලත් නිලධාරියෙකුට නොදන්වා ඒ කරඬු සේප්පුවලින් එළියට ගත්තේ ඇයි?
  3. හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා සහ ඔබ අතර ඇති ගනුදෙනුව කුමක් ද?. විශ්‍රාමික පුරවැසියෙක් වූ මේ වියපත් මනුෂ්‍යයාට රටේ පුරාවස්තු සම්බන්ධව තීන්දු ගැනීමේ කිසිම බලයක් නැත. ඔහුටත් ඔබේ ගමේ වියපත් කිරිබණ්ඩාටත් ඇත්තේ එකම අයිතීන්  හා වරප්‍රසාදය. ඔහු  කී පමණින් කිසිම වගකිවයුත්තෙකුට නොදන්වා නීති විරොධී ලෙස මේ ජාතික උරුමය විතැන් කළේ කුමණ සාධාරණ පදනමකින් ද?.
  4. මෙම පුරාවස්තු සම්බන්ධව සියලු විස්තර සහිත ලේඛණයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරයි. එම ලේඛණවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු රහස්‍ය දත්ත සමුච්චයකි. පුරාවස්තුවක සියලුම සියුම් මිමි, කඩතොලුවීම් සිට සියලුම බාහිර ස්වරූප, බර, ඇතුළු සියලුම භෞතික තත්ව විද්‍යාත්මකව වාර්තා කළ එම ලේඛණ පුරාවස්තු සමගම සේප්පුවේ තැන්පත් කර තිබිණි.  මේ ලේඛන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිම නිලධාරියෙකුට නොදන්වා ඔබ විශ්‍රාමික පුරවැසි සරත් එන්.සිල්වා සමග  ඔබ හමුවීමට පැමිණි යම්කිසි ව්‍යාපාරිකයෙකුට ලබා දුන්නා ද?. ලබා දුන්නා නම් ඒ ලේඛණ ඒ පුද්ගලයාට දුන්නේ ඇයි?.
  5. එම දත්ත සමුච්ඡය පුරාවස්තු කොල්ලය සිදුවන තුරුත් මේ පුද්ගලයා ලඟ තිබුණා ද?. ඒවා යළි ඔහු ඔබට ගෙනත් දුන්නේ කවදා ද?.  මේ  ඔබ කළ බිහිසුණු මුග්ධකම හේතුවෙන්  නැති වූ පුරාවස්තුවල අනු රූ ඒ ආකාරයෙන්ම නිර්මාණය කර ඉදිරිපත් කිරීමේ අවදානම තිබෙන බව දන්නවා ද?
  6. මේ නින්දිත කොල්ලය සිද්ධ වෙන දවසේ ඔබ පන්සලෙන් පිටත් වී නුවරඑළිය ආරාමයකට යන බව කියන්නේය. ඔබ එහි යන්නේ ඒ ආරාම වාසී නායක හිමියන් දැනුම්වත් නොකර ද?. ඔබ එහි යනවිට නායක හිමියන් කොළඹ ගොස් තිබුණු බව සැබෑ ද?. ඔබ ගියේ ඒ පන්සලටම ද?. හෝටලයකට ද? නැතිනම් වෙනත් තැනකට ද?.
  7. ඔබේ පන්සලේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය මාස දෙකක් තිස්සේ වැඩ නොකළ බව ඔබ නොදැන සිටියා ද?. ඒ කැමරා අලුත්වැඩියා නොකර මේ උත්තම ජාතික උරුමය හිතා මතාම අනතුරේ දැම්මේ කුමණ වගකීමකින් ද?
  8. ඔබ නැති අතරේ පන්සලේ සිටින චීවරධාරී ඔබේ ගෝලයා පුරාවිද්‍යා මුරකරුත් සමග අනාචාරයේ ගොස් සිටි බවට කියවෙන කතාව ඇත්ත ද?. නැතිනම් ඔහු කොල්ලකරුවන්ට අවස්ථාව දී වෙනත් තැනකට ගියා ද?.  කැමරා පද්ධතියත් අකර්මණ්‍ය වී ඇති විට  ඔබ වගකීම දරන පන්සල  පැය කීපයකට  අනාරක්ෂිත කර කොල්ල කරුවන්ට අවස්ථාව සලසා දී ඔහු සිටියේ කොහෙද?.
  9. මහ රෑ මැදියම මෙවැනි අවස්ථාවක් ඇතිවන බව හොඳටම දැනගෙන සිටින්නේත්, සීසීටීවී පද්ධතිය අකර්මණ්‍ය බව දැනගෙන සිටින්නේත්,   ධාතු මන්දිරයේ  දොරටුව ඇරගෙන ඊට ඇතුළුවී මේ කොල්ලය සිදුකරන්නේත් කවුරුදැයි කිසිම සැකයක් ඔබට නැද්ද?.
  10. ඔබගේ අනුදැනුම හෝ දැනුම්වත් භාවයකින් තොරව මේ පුරාවස්තු සොරකම් කළා යැයි අපට සැක නොසිතන්නට ඇති හේතු මොනවා ද?.
  11. පොලිසියට මේ අපරාධය කළ එකාගේ ඇඟිළි සලකුණක් හෝ හොයා ගත නොහැකි තරමට අපරාධකරු සූක්ෂම ද?.
  12. ඌ ඉදිරිපස දොරින් පැමිණ එළියේ ඇති වීදුරු මංජුසාව බිඳ පුරාවස්තු සොරකම් කරගෙන යනතුරු පන්සලේ සුරතලයට ඇති කරන වෘකයන් වැනි බලු සුරතලෙක්වත්   බිරුවේ නැද්ද?. එසේ බුරා නොපනින්නට ඇත්තේ ඒ සතුන් දන්නා හඳුනන එකෙක් මේ අපරාධය කළ නිසා ද?.
  13. බිඳ දැමූ මංජුසාව තුළ තිබී සොයා ගත්තා යැයි කියන මයිල් ගසට කුමක් වී ද?. ඒ සම්බන්ධව විද්‍යාත්මක වාර්තාවක් කැඳවූවා ද?.
  14. පොලිසියේ ඉන්නේ අඳබාලයන් නොවන බව අප දන්නේ ප්‍රත්‍යක්ෂ ඤාණයෙනි. එහෙත් ශ්‍රී ලංකා පොලිසිය කොන්දක් නැති පණ්ඩකයන් සහිත ජින්තුපිටියක් යැයි සිතන්නට කවුරුන් හෝ අපට බල කර සිටිනවා ද?.

කූරපයියට හෙණ ගැසූ පසු කිල්ලෝටයට අහවල් දෙයක් වී දැයි නොවිමසිය යුතුව තිබියදීත් මේ වග ලියා තබමු. මුන් ජාතියේ ඇස් පනාපිට හොරකම් කරගෙන සඟවාගෙන ගියේ   හෙට මේ රට ඉතිරිවනු ඇතැයි යන්තම් හෝ විශ්වාසයක් තිබුණා නම් සුන්බුන් අතරින් යළි ගොඩනැගෙන්නට මග කියන ජාතියක අධ්‍යාත්මික ගැඹුර කැටිකරගත්   ජීවමාන සංකේතයන්ය.

එහෙත් රට මළගෙයක් වූ විට කුණු වෙන්නට නොදී ඒ මළ මිනී වළ දමනවා හැර ඓතිහාසික උරුමයක සාධනීය ගැඹුර ගැන බරසාර සංවාද පවත්වා තේරුමක් නැත.

පෝළිමට එන්න…  හොඳටම කළ හරියේ අන්තිම ළෙවර ඉතිරි වී තිබේ.

මේ ලිපිත් කියවන්න…

මහත්වරුනි… මේ සොරකම් කළේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ…

සේප්පුවේ තිබූ දැලිවල උරුමය වීදුරු පෙට්ටියකට දාන්න මුල්වෙලා තිබෙන්නෙ හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා

දැලිවල විශ්වීය උරුමය   කොල්ලකෑම පසුපස විහාරවාසීන් ?… විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බැසිල්ට එරෙහිව ඇමෙරිකාවේ පරීක්ෂණ ගැන මුලින්ම කිව්වේ ගෝඨාභය!  උදය ගම්මන්පිල හෙළි කරයි…

Next Post

ඇමතිකමින් ඉවත්කළ ගම්මන්පිල ඤාණා මෑණියන් ලඟට යනකොට ජනපතිත් එතන…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.