බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

මහත්වරුනි… මේ සොරකම් කළේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ…

by editor
පෙබරවාරි 13, 2022
in සංස්කෘතිය
1957 දී දැලිවලින් සොයා ගත් පෞරාණික දාගැබ් ආකෘතිය සම්බන්ධව කියැවෙන ලෝකයේ හොඳින්ම ආරක්ෂා වූ එකම කරඬුව.. අද එය හොරු අරගෙන...

1957 දී දැලිවලින් සොයා ගත් පෞරාණික දාගැබ් ආකෘතිය සම්බන්ධව කියැවෙන ලෝකයේ හොඳින්ම ආරක්ෂා වූ එකම කරඬුව.. අද එය හොරු අරගෙන...

Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඔබ මේ දකින රන්මුවා කරඬුව තවදුරටත් නැත. මෙවැනි නිර්මිතයක් යළිත් ලෝකයේ නොවේ.  තිබුණේ මෙය පමණි.

මිහිඳු හිමියන් ජීවමාන සමයේ දෙවනපෑතිස් රජුගේ විචක්ෂණ ලොකුරුවන් විසින් නිමකළ මේ අග්‍රේසර අනුරුව ඇතුළු තවත් රන් කරඬු පහක් සහ පළිඟු කරඬු තුනක්  පුරාවස්තු සංහාරකයන් විසින්  පෙරේදා රාත්‍රියේ සොරාගෙන ගොස්ය.

මේ තරම් විශිෂ්ට ලෙස   ඓතිහාසික ලෝකයේ දාගැබක ස්වරූපය ආරක්ෂා වී තිබුණු ලෝකයේ එකම  අනුරුව මෙයය.  මේ  ලෝක උරුමය දැන් නැත.  මේ උරුම සම්පත පුරාවිද්‍යා කැණීමකින් මතුවන්නේ වර්ෂ 1957 දී පෙබරවාරි මස 04 වැනිදාය.  අනතුරුව 2001 දී කළ කැණීමක දී තවත් රන් කරඬු හතක් හමුවිය.  නිධන්හොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ මේ අග්‍රේසර නිර්මාණය ඇතුළු රන් කරඬු පහකි.

මේ කරඬු මේ තරම් වටින්නේ ඇයි?

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම චෛත්‍යයේ 1957 වසරේ සිදුකළ පුරා විද්‍යා කැණීම්වලදී චෛත්‍යයේ සතර දිසාවේ ස්ථූපයේ අනුරූ සහිත ශිලාමය කරඩු හතරක් හමුවිණි. බටහිර දිග ශිලා මංජුසාව තුළ තිබී 1957 පෙබරවාරි මස 04 වැනි දින  දඹරන් කරඩුවක් හමුවිය. එය තත්කාලීන දාගැබ් සම්ප්‍රදායේ පූර්ණ අනුරුවකි. ඉන් ප්‍රකාශිත වූයේ සාංචි ස්ථූපයේ හැඩය ය.

මෙම චෛත්‍යය මිහිදු හිමියන්ගේ අනුශාසනා සහිතව දේවානම් පියතිස්ස රජතුමාගේ බාල සෙහොයුරෙකු වූ මෙම ප්‍රදේශය පාලනය කළ තිස්ස කීර්ති යුව රජු විසින් කරවන ලද්දක් බව ප්‍රවාදයේ  පැණනි. ඊට සාධක ලෙස දන්වනු ලැබුවේ මෙම දාගැබට නුදුරින් පදවිගම්පල කන්දේ ගල්ලෙනක “තිස කිතස ලෙනෙ අගත අනගත චතුදිස සගස දිනෙ” යනාදී ලෙසින් බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇති ශිලා ලේඛනයකි. ඉන් කියැවෙන්නේ තිස්ස කීර්ති නැමැති නැමැත්තෙක්  මහා සංඝයාට සාංඝීකකොට පිරිනැමූ ලෙනකි.  තිස්ස කීර්ති නමින් ජන ප්‍රධානයෙකු මෙහි සිටි බව කියැවෙන එම සටහනින්  අතීත ප්‍රවාදය තහවුරු කිරීමට ඇතැමෙක් රුචි වෙති.    දාගැබේ අඩිතාලම අසලින් හමුවූ ගඩොල්වලද බ්‍රාහ්මී අක්ෂර හමුවී තිබිණි.

තිස්ස කීර්ති නැමැත්තෙක් පිළිබඳ  කෙසේ වෙතත් ඉතාම පැහැදිලි පුරාවිද්‍යාත්මක යථාර්ථය වනුයේ මෙම දාගැබ දෙවන පෑතිස් රජ දවස මිහිඳු හිමියන් ජීවමානව වැඩ වසන අවධියේ  ඉදිකළ බවය.

දෙවන පෑතිස් රජුගේ ලෝකුරුවන් කළ නිර්මාණ

වර්ෂ 1957 දී පරණවිතානයන් සිදුකළ දැලිවල කොටවෙහෙර කැණීමේ දී  අතිශය වැදගත් තොරතුරු සමුදායක් හෙළි විය. මේ දාගැබ  ඉදිකළ දෙවනපෑතිස් අවධියේ සිට වසර දෙදහස් දෙසීයක් පුරා කිසිම නවීකරණයක් සිදුවී නැති බවය. එමෙන්ම අසූහාරදසක් දාගැබ් පැවතිනැයි කියන රටේ පුරාවස්තු සංහාරකයන්ගේ  ව්‍යසනයට ලක් නොවූ එකම පුරාණ දාගැබ ලෙස මෙම දාගැබ ශේෂ වී තිබුණු බවය.

එනම්  මේ අපට ඉතිරි වී තිබුණේ මිහිඳු හිමියන් විසින් රැගෙන පැමිණි උත්තුංග වාස්තු සම්ප්‍රදායේ  ස්වරූපය කියන වර්ෂ 2200ක් පැරණි මහා උරුමයකි.

ඒ අනුව එහි ගර්භයේ තැන්පත් කළ කරඬු හෝ වාස්තු නිර්මිතයන්  වර්ෂ 1957 දී කළ කැණීම වනතුරු විතැන් වී තිබුණේ නැත. එමෙන්ම නව කම් නොකළ නිසා ඉතිහාසයේ වෙනත් කිසිම අවධියක මෙම ගර්භයේ   කරඬු හෝ වෙනත් නිර්මිතයන් තැන්පත් වී තිබුණේ නැත.

තේරුම්ගත යුත්තේ මේ ගර්භයෙන් මතු වූ සෑම පුරාවස්තුවක්ම මිහිඳු හිමියන් ජීවමාන අවධියේ දෙවනපෑතිස් රජුගේ නිර්මාණ ශිල්පීන්ගේ දෑතින් නිර්මිත වූ ඒවා බවය.  මේ පුරාණ කරඬු  මේ රටේ බෞද්ධ ඉතිහාසය රෝපණය කළ අවධියේ ඒ පුරෝගාමීන්ගේ දෑතින් මේ ගර්භයේ තැන්පත් වූ ඒවාය.  එවකට බෞද්ධ වාස්තු සම්ප්‍රදායේ උත්තුංග නිමැවුම වූ දාගැබෙහි ජීවමාන ප්‍රකාශනය මේ කරඬුවලින් ප්‍රකාශිත වූයේය.

දැලිවල කරඬු කී දාගැබ් ඉතිහාසය

අප අද දකින දාගැබේ පේසාවන්, ගර්භය, හතරැස්කොටුව දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත සහිත නිර්මිතය  දාගැබක වාස්තු විද්‍යාත්මක විකාශනයේ අවසන් දියුණු අවධියය.

මුල්ම දාගැබක ස්වරූපය සාංචියෙන් රූපණය  වී ඇතැයි තහවුරු කරන සාධක හමුවන්නේ  ලංකාවෙන් හමුවන කරඬු තුනකිනි. එක් කරඬුවක් රුවන්වැලි සෑයෙන් ද තවත් කරඬුවක්  මිහින්තලේ මිහිඳු මහා සෑයෙන් ද හමුවිය.

මේ වාස්තු සම්ප්‍රදාය  සාධනය කළ පැරණිමවූත්, අතිශය විශ්මයජනක ලෙස ආරක්ෂා වී තිබූනාවූත්  ලෝකයේ පැවති එකම  ඉපැරණි ඓතිහාසික දාගැබ් ආකෘතිය  වූයේ දැලිවල කැණීමෙන් වර්ෂ 1957 දී හමුවූ කරඬුවය.

1957 දී දැලිවලින් සොයා ගත් පෞරාණික දාගැබ් ආකෘතිය සම්බන්ධව කියැවෙන ලෝකයේ හොඳින්ම ආරක්ෂා වූ එකම කරඬුව.. අද එය හොරු අරගෙන…

දැලිවල කරඬුවෙන්  හෙළි වූ පුරාණ දාගැබේ ලක්ෂණ

පුරාණ දාගැබක ගර්භයේ  ධාතුන්වහන්සේ තැන්පත් කරනු ලබන ධාතු ගර්භයේ සිට ගර්භයේ මුදුන තෙක්  ශිලා ස්ථම්භයක් යොමු කර තිබිණි. එය යූප දණ්ඩ ලෙස හඳුන්වනු ලැබීය. යූප දණ්ඩ ගර්භයෙන් මතුවන තැන දැව වලින් වැටක් සවිකර වටකොට තිබිණි. එම දැවමුවා වැට හැඳින්වූයේ මේධිය ලෙසය.

ධාතු ගර්භයේ සිට ඉහලට නැගෙන  මෙම යූපයට ගෞරව කිරීම සඳහා යූපය ආසන්නයේ දණ්ඩක් සවි කර ඒ මත ඡත්‍ර සවි කර තිබිණි. සමහර දාගැබක එක් ඡත්‍රයක් වෙනුවට ඡත්‍ර මත ඡත්‍ර නන්වන ලද ඡත්‍රාවලියක්  පැවති  බව පුරාවිද්‍යා සාධක තහවුරු කළේය.  ඡත්‍ර දැවයෙන් ලෝහවලින් මෙන්ම ගල්වලින් ද නිර්මාණය විය. ඡත්‍රයෙන්  සංකේතවත් වූයේ රාජ්‍යත්වයය.  ජීවමාන බුදුන් ලෙස පිදීම සඳහා ගොඩනැන්වූ දාගැබක් වෙනුවෙන් කළ හැකි උතුම්ම  සත්කාරය සංකේතාත්මකව ප්‍රකාශ වූයේ එසේය.

දාගැබ විකාශනයේ දී  ගර්භය මුදුනේ දඬුවැටක් සේ දැවයෙන් නිර්මාණය වූ මේධිය හතරැස් කොටුව වූ අයුරුත්,  ඡත්‍ර දණ්ඩ සහ ඡත්‍ර කොත් කැරැල්ල බවට පත් වූ අයුරුත්  පරණවිතානයෝ  ලංකාවේ ස්ථූපය ග්‍රන්ථයේ පෙන්වා දෙති.

මේ දාගැබේ පුරාණ හැඩය මිහිඳු හිමියන්ගේ අවධියේ පැවති ආකාරය සහතික කර ප්‍රකාශ කරනු ලැබු ලෝකයේ පැවති ඉපැරණිම අනුරුව තිබුණේ දැලිවලය.  දැලිවල අනුරුවේ මේ සියලු අංගවලට අමතරව  හතරැස් කොටුව ලෙස පසුව විකාශනය වූ මේධියේ සිවු කොනින් පතාක නන්වා තිබිණි.

චත්‍රයේ යට කොටස රන් ගරාදිවලින් නිර්මාණය කර ඇති අයුරු….

2001 කැණීමෙන් හමුවූ කරඬු

මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2001 වසරේදී කළ කැණීම්වලින් ද මෙවැනි දඹරන් කරඩු හතක් හමු විය. මෙම රන් කරඩු වීදුරු කරඩුවක බහා තවත් ලෝහමය කරඩුවක අසුරා පබළු මිශ්‍රිත සේද රෙදි කඩකින් දවටා මැටි වළඳක තැන්පත් කර තිබියදී හමුවූයේය. එම කැණීම සිදුකළේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්ලිව්. විජේපාලය.

මෙම රෙදිකඩ ලෝක බෞද්ධ ඉතිහාසයට අලුත් දැනුමක් එක් කළේය.  ධාතු කරඬුව විචිත්‍ර රෙදි කඩකින් වසා වඩම්මන  අද පවතින සම්ප්‍රදාය මිහිඳු හිමියන් මේ රටට බුදු දහම රැගෙන ආ අවධියේ සිට පැවතඑන්නක් බව සහතික කළ මෙම සොයා ගැනීම ගැන වෙනම කතා කළ යුතුය.  මෙම රෙදිකඩ අවුරුදු දෙදහස් දෙසීයකට  වඩා පැරණිය.  මෙම රෙදිකඩ පිළිබඳව ඔස්ට්‍රේලියාවේ දී  කළ කාබන් 14 කාලනිර්ණයේ දී එය වසර දෙදහස් දෙසීයක් පැරණි බව තහවුරු වූයේය.

පුරාවස්තු සොරකම

මේ  අතිශය ගෞරවනීය ලෝක බෞද්ධ ඉතිහාසය සාධනය කළ පුරාවස්තු සමූහය තිබුණේ දැලිවල පන්සලේය. එයට නියමිත නිශ්චිත රැකවරණය ලබා දී තිබුණේ නැත.

මෙම පුරාවස්තු කෞතුකාගාරයක තැන්පත් කර අවශ්‍ය රැකවරණය ලබා දීමට අවස්ථා ගණනාවක දී  කළ ඉල්ලීම පන්සලේ හාමුදුරුවන් වූ පුස්සැල්ලේ අරියවංශ  හිමියන් ඉඩ දුන්නේ නැත.  කොන්දක් නැති පුරාවිද්‍යා බලධාරීන් තමන් සතුව ඇති බලය භාවිතා කර එම පුරාවස්තු අත්පත් කරගැනීමට  කටයුතු කළේත් නැත.

සංසාරය කෙටි කරගැනීමට මහණ වී වස්තු ලෝභයෙන් වැළලෙන්නට හදන දුර්දාන්ත මහනුන් පිළිබඳ විවිධ ප්‍රකාශන දක්නට ලැබේ. අප විශ්වාස කරන්නේ දැලිවල කොටවෙහෙරෙන් ඉන් එක් මොඩල් එකක් එළි දුටු බවය.  මේ සංඝ ප්‍රතිරූපී තැනැත්තා මේ කරඬුවලට අත තබන්නට එනවා නම් දේශපාලකයන් සමග පිකට් කරන්නට සූදානම්ව සිටියේය.  එම කරඬු තමන්ගේ  ඇස් මානයෙන් පිට නොයවන බව සපථ කර කියා සිටියේය.  හොඳම උදාහරණ දෙකක් තිබේ.

වර්ෂ 2008 සැප්තැම්බර්  මස ජපානයේ ශ්‍රී ලංකා බෞද්ධ උරුමය සම්බන්ධ ප්‍රදර්ශනයක් පැවැත්විනි. දැලිවල කොටවෙහෙරෙන් වර්ෂ 1957 දී හමුවූ  මේ  රන්මුවා කරඬුව ප්‍රදර්ශනය සඳහා ජපානයට වැඩමකරවීමට  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කළේය.  හාමුරදුරවන් කීවේ කරඬුව ගෙනියන්න දිය හැකි නමුත් ඒ කරඬුව සමග තමන්ට ජපානයට යෑමට අවශ්‍ය බවය. කරඬුව වෙනම ගෙනයෑමට නොහැකි බවය.  එය තමන්ගේ ඔඩොක්කුවේ තබාගෙන ගෙන යා යුතු බවය.  එසේ ගොස් සෑම  ප්‍රදර්ශන දිනයක්ම  අවසන් වනවිට රාත්‍රියේ යළිත් තමන්ගේ ඔඩොක්කුවට කරඬුව ගෙනා යුතු බවය. මේ විකාරය නිසා මේ ලෝක බෞද්ධ උරුමය ලෝක වාසීන්ට දැක ගැනීමට එදා හැකිවූයේ නැත.

වර්ෂ 2015 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සරයට විශේෂ ප්‍රදර්ශනයක් සංවිධානය විය. ඒ සඳහා මෙම කරඬුව රැගෙන එන්නට කටයුතු සූදානම් කෙරිනි. තමන් නැතිව කරඬුව එන්නේ නැති බව හාමුදුරුවන් කීවේය.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාහනයක් දැලිවලට යවා කරඬුව සමග හාමුදුරුවන් ගෙන්වනු ලැබුවේය. පළමු දිනයේ එවකට අගමැති හා ජනපති පැමිණ ප්‍රදර්ශනය නැරඹුවේය. කරඬුව ගැන විස්තර කලේ හාමුදුරුවන්ය.  එදින රාත්‍රියේ කරඬුව සමග විශේෂ නවාතැන් ඉල්ලා සිටි හාමුදුරුවන් කරඬුව සමගම රඹුක්කනට ප්‍රවාහනය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදුවිය.

ඒ කරඬුව පුරාවස්තු සංහාරකයන් හාමුදුරුවන්ගේ ඔඩොක්කුවෙන් අරගෙනය.  දැන් කියන්නේ මාස දෙකක් තිස්සේ සීසීටීවී පද්ධතිය වැඩ කර නැති බවය.  මුරකරුවෙක් නොසිටි බවය.   තමන්ට නිසි ලෙස ආරක්ෂාව ලබා දීමට නොහැකි ජාතික උරුමයක් තමන් සන්තක කරගැනීමට ගිය තණ්හාධික  චීවරධාරියෙක් විසින් එම උරුමය ජාතියට අහිමි කර තිබේ.

මේ රට එක් දෙයක් තේරුම් ගත යුතුය. මේ නැති වී ඇත්තේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ. ලෝකයේ විශිෂ්ටම හා එකම උරුම සම්පතකි. අවුරුදු තුන්සීයක් පැරණි කඩු දෙක තුනක් කෞතුකාගාරයෙන් නැතිවූ විට කන්ගැට්ටා අච්චාරු දැමීමට සූදානම් වූ උන්ට මේ  සාහසික පුරාවස්තු කොල්ලය ඒ බරින් තේරෙන්නේ නැති වීම මරණය තරම්මම බිහිසුණු ඛේදවාචකයක් බව පමණක් ලියා තබමු.

අප ජීවත් වෙමින් සිටින්නේ මිය යමින් සිටින මිනිසුන් අතර බව   මේ සිංහල බෞද්ධ යැයි කියාගන්නා සමාජයේ උක්ත සිද්ධිය නිසා ඇති නොකළ කම්පනය අපට කියන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිනිස්සු කෑම අඩු කරති ! ලංකාව හාමතේ…. එක්සත් ජාතීන් වාර්තා කරයි…

Next Post

අගමැති මෝදි එක්ක වෙනම සාකච්ඡාවක් සම්පන්ධන් ඉල්ලයි !

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

Comments 2

  1. Guest says:
    වසර 4ක් ago

    ආණ්ඩු බළය යොදවා පහසුවෙන් ම මේ රන් කරඬුව රාජ සන්තක කර සුරකින්නට පුරා විද්‍යාවට හැකි ව තිබුණත් එසේ නොකළ පුරා විජ්ජාවත් බරපතළ ලෙස මීට වගකිව යුතු යි.

    පිළිතුරු සැපයීම
  2. Upendra Iroshan says:
    වසර 4ක් ago

    මිහිදු හිමියන් අපට දුන් මේ උරැමයන්

    ආරක්ෂා කිරිමට අප සැම එක් වෙමු

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.