අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස්සු කෑම අඩු කරති ! ලංකාව හාමතේ…. එක්සත් ජාතීන් වාර්තා කරයි…

රට ආහාර සුරක්ෂිතාව සහ පෝෂණය සම්බන්ධ  අර්බුදයක...

by editor
පෙබරවාරි 13, 2022
in පුවත්
A woman carrying food bags walks pasts people standing in queue outside a state-run supermarket to buy essential food items in Colombo on September 3, 2021 as Sri Lanka began imposing price controls on essential food from September 3 after using a state of emergency to seize allegedly hoarded stocks of sugar and rice. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ පවතින ආහාර ද්‍රව්‍යවල දැඩි මිල හේතුවෙන්  අවදානම් සහගත ජනකොටස් ආහාර පරිභෝජනය අඩු කිරීමට හෝ පෝෂ්‍යදායී බවින් අඩු බාල වර්ගයේ ආහාර මත යැපීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මේ තත්ත්වය රටේ ආහාර සුරක්ෂිතතාව අර්බුදයට ලක්ව ඇති බව කියා පාන්නක් බවත් එක්සත් ජාතීන් ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය තම වාර්තාවකින් සදහන් කරයි.

මෙම තත්ත්වය රටේ ජනතාවගේ සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය කෙරෙහිද සෘණාත්මක ලෙස බලපාන බව එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය තොරතුරු පද්ධති සහ පෙර අනතුරු ඇඟවීම් පිළිබඳ වාර්තාවේ සඳහන් වන ආකාරයට පසුගිය වසර අවසානය වනවිට ශ්‍රි ලංකාවේ ප්‍රධාන ආහාරය වන සහල්වල මිල ඉතා ඉහළ මට්ටමක පැවතීමත් පාන් පිටි  ඇතුළු සෙසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල විදේශ විනිමය අර්බුදය සහ රුපියලේ අගය පහළ යාම මත ඉහළ යාම නිසාත් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රි ලංකාවේ ජනතාවගේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් සියයට 40ක් බත්වලින්ද සියයට 12ක් පාන් පිටි වලින් සහ සියයට 10ක් සීනිවලින් ලැබෙන අතර  රට තුළ පැවති පොහොර අර්බුදය හේතුවෙන් එළවලු මිල ඉතා ඉහළ මට්ටමක පැවතීමත් නිසා මේ වනවිට ජනතාව ආහාර පරිභොජනය අඩු කරන තත්ත්වයක් ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අනුව ශ්‍රි ලංකාවේ ආහාර මිල උද්ධමනය පසුගිය වසරට සාපෙක්ෂ්ව සියයට 22කින් ඉහළ ගොස් ඇත. වැඩි වූ සහල් මිලෙහි ස්ථාවරත්වයක් පසුගිය දෙසැම්බර් මස තුළ පෙන්නුම් කළද ශ්‍රි ලංකාවේ වී අස්වනු සාර්ථකව නෙළෙන 2022 මහ කන්නයේ අස්වනු නෙළිම මේ වනවිට ආරම්භ වී තිබුණද ඉන්ධන මිල ඉහළ යාම සහපොහොර අර්බුදය හේතුවෙන් මෙම අස්වනු නිෂ්පාදනවල මිල තවදුරටත් ඉහළ යා හැකි බවට එම සංවිධනය අනතුරු අඟවා ඇත.

ශ්‍රි ලංකා රජය මෙම අත්‍යවශ්‍ය ආහාර දුව්‍ය මිල පාලනය කිරීමට යම් යම් පියවර ගත්තද මේ වනවිට නිර්මාණය වී අති විදේශ විනිමය අර්බුදය සහ දේශීය රුපියලේ අගය පහළ යාම හේතුවෙන් මේ වනවිට මිල අඩු කිරීමට ගත් පියවර සාර්ථකත්වයක් ලබා නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිනුරට කොවිඩ්….

Next Post

මහත්වරුනි… මේ සොරකම් කළේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.