බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල්ට එරෙහිව ඇමෙරිකාවේ පරීක්ෂණ ගැන මුලින්ම කිව්වේ ගෝඨාභය!  උදය ගම්මන්පිල හෙළි කරයි…

by editor
මාර්තු 14, 2022
in පුවත්
Gotabaya Rajapaksa
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ඇමෙරිකාවේ මූල්‍ය විශුද්ධිකරණය පිළිබඳව පරීක්ෂණයක් පැවත්වෙන  බවට තමන්ට මුල් වරට හෙළි කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  බවත් ඔහු එම ප්‍රකාශය කරන මොහොතේ විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම,   බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ  අමාත්‍යවරුන්ද සිටි බවත් හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ජනාධිපතිවරණයට පෙර පොහොට්ටුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කලින් ඇති වූ සාකච්ඡාවකදී හෙළිදරවු වුණු මේ සිද්ධිය සම්බන්ධව උදය ගම්මන්පිල හෙළි කළේ මාධ්‍යවේදී  චමුදිත සමරවික්‍රම සමග ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

බැසිල් රාජපක්ෂ   2018 වසරේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ සූදානමක සිටි බවත් ඔහු ප්‍රචාරක ආයතනයක සහය ලබාගෙන ඒ වනවිට පූර්ව සැලසුම් සකස් කරමින් සිටි බවට සාක්ෂි පවතින බවත් සඳහන් කළ ගම්මන්පිල  තම කණ්ඩායමට අවශ්‍ය වූයේ ගෝඨාභය රජජපක්ෂ  ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට බවත් ඒ සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ  බැසිල් ගේ මෙම පසුබිම   හෙළි කළ බවත් සඳහන් කළේය.

ඔහු එහිදී මෙසේ එම සිදුවීම විස්තර කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“2018 වසරේ අග එක පැත්තකින් අපට ආරංචි වෙනවා තමන්ගේ ප්‍රචාරණ උපදේශකයන් එක්ක බැසිල් රාජපක්ෂ මහත්තයා  මැතිවරණය සැලසුම් කරනවා කියල. අපට අවශ්‍ය වුණේ ඒ මොහොතේ අපේ පැත්තෙන් හිටි හොඳම අපේක්ෂකයා වුණු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ගේන්න. මේ දෙන්නම ඇමෙරිකානු ද්විත්ව පුරවැසි භාවය තිබෙන අය. අපිට බයක් ඇතිවුණා. ගෝඨාභය මහත්තයාගේ ද්විත්ව පුරවැසි බව ඉවත් කර ගැනීම ඇමෙරිකානු රජයට කියල මොනව හරි බාධකයක් දාලා බැසිල් රාජපක්ෂ මහත්තයා කොහොම හරි තමන්ගේ ද්විත්ව පුරවැසි බව ඉවත් කරගෙන ජනාධිපතිවරණයට එයි කියල.“

“ඒ නිසා මම විමල් ඇමතිතුමා ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන කට්ටිය ගිහින් එතුමට කිව්ව ඉක්මනට ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ගන්න, නැතිනම් අපට බයක් තිබෙනවා අර පුද්ගලයා මේ අවස්ථාව ගනීවි කියල. “

“ඒ වෙලාවේ ගෝඨාභය මහත්තය කිව්වා මම ද්විත්ව පුරවැසි භාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් නීතීඥයෙක් මාර්ගයෙන් සොයා බැලුවා. ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ කියල. නමුත් බැසිල්ට නම් ඒක ඉවත් කර ගැනීමට බාධකයක් තිබෙනවා. ඔහුට ඇමෙරිකාවේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා කියල.“ යනුවෙන් සඳහන් කළේය.

එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංවර්ධන නිලධාරීහු ලෙඩ නිවාඩු වාර්තා කරති!

Next Post

රටේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලයට මාසයක් ඉවරයි… දැලිවල නායක හාමුදුරුවන්ට ප්‍රශ්න 14ක්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.