ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත යොවුන් ක්‍රීඩකයන් යුවල වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර 2021 අයි.පී.එල්. දෙවන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක් කරගෙන තිබේ.
හසරංග හා දුෂ්මන්ත එක්වීමත් සමග එම කණ්ඩායමේ විදේශ සංචිතයේ ක්‍රීඩකයන් වන නවසීලන්තයේය ෆින් ඇලන්, ස්කොට් කූගන්, ඔස්ට්‍රෙලියාවේ කේන් රිචඩ්සන්, ඩැනියෙල් සැම්ස්, ඇඩම් සම්පා අතරින් ක්‍රීඩකයන් දෙදෙනෙක් මග හැරෙනු ඇති බව වාර්තා වේ.
විශේෂ දෘෂ්ටිකෝණයකින් බලා විදේශ සංචිතය ශක්තිමත් කිරීමට තමන් සූදානම් වනබව රෝයල් චැලෙන්ජ්ස් බැංගලෝර් කණ්ඩායමේ කළමනාකාරිත්වය මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
මේ අතර විශාලම පුවත වී තිබුණේ පසුගිය ජූලි මාසයේ දී ලංකාවේ සංචාරය කළ ඉන්දියානු කණ්ඩායම තරගාවලි පරාජයකට තල්ලු කළ විශිෂ්ඨ තුන් ඉරියවු ක්‍රීඩකයා වන 24 හැවිරිදි පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක් කර ගැනීමය.
ඉන්දියා ශ්‍රී ලංකා තරගාවලිය නිමා වනවිට වනිඳු හසරංග ලෝක විස්සයි 20 ශ්‍රේණිගත කීරීම්වල පන්දු යැවීමේ දී දෙවැනියා වී සිටියේය.
“දුෂ්මන්ත චමීර , ශ්‍රී ලංකාවේ තවත් විශිෂ්ටයෙක්. ඔහු මේ වන විට ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටිනවා. ඔහුව පුහුණු කර ඇති මා ඔහුව හොඳින් දන්නවා. ඔහු නියම වේගයක් ලබාගෙන තිබෙන්නෙ. ඔහුගේ සුදු පන්දු ක්‍රීඩාව ද පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වුනා.“ රෝයල් චැලේන්ජ්ස් බැංගලෝර් කණ්ඩායමේ පුහුණුකරු මයික් හෙසන් පවසා තිබිනි.